தமிழ்
English
Contact
Friday 14th August 2020    
'ශක්තික සත්කුමාර' සිරගත කිරීම අයිතිවාසිකම් උල්ලංඝනයක් - එ. ජා. ක්‍රියාකාරි කණ්ඩායම | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

‘ශක්තික සත්කුමාර’ සිරගත කිරීම අයිතිවාසිකම් උල්ලංඝනයක් – එ. ජා. ක්‍රියාකාරි කණ්ඩායම



ලේඛක ශක්තික සත්කුමාරට ඒරෙහි චේදනා සම්බන්ධ නඩු විභාගයක් නැතිව මාස හතරක් රඳවා තබා ගැනීමෙන් ලංකා රජය බැදී සිටින ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීම්වලට පටහැනි බවත් ඒ් සම්බන්ධ ලේඛකයාට වන්දියක් ලබාදිය යුතු බවටත් මත පළ වී ඇත.

ලේඛකයාට ඒරෙහිව පනත යටතේ චෝදනා ඉදිරිපත් කළද නිශ්චිත අධිකරණ ක්‍රියාදාමයක නොමැතිව මාස 4ක් අත්අඩංගුවේ රඳවා තැබූමෙන ඔහුගේ අයිවාසිකම් කඩකර ඇතැයි අත්තනෝමතික රඳවා තබා ගැනීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායම සිය මතය ප්‍රකාශ කර තිබේ.
මේ සම්බන්ධව සිදුව ඇති වරද වහා නිවැරදි කිරීමට සහ හානිපූරණය කිරීම වෙනුවෙන් ලේඛකයා වහාම නැවත සේවයේ පිහිටුවීමටත් ජාත්‍යන්තර සම්මතයන්ට අනුව වන්දි ගෙවීමටත් ඒම මතයට අනුව නිර්දේශකර තිබේ.

මෙසේ එක්සත් ජාතීන්ගේ මෙම ක්‍රියාකාරී කන්ඩායම සිය මතය ප්‍රකාශ කර ඇත්තේ “ෆ්‍රීඩම් නව්” නම් මානව හිමිකම් සංවිධාන විසින් ගොනු කරන ලද පෙත්සමකට ප්‍රතිචාර දක්වමිනි.

මෙය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ තීරණයකට වඩා වෙනස් ය. මානව හිමිකම් කමිටුව හමුවට යා හැක්කේ කවර හෝ රටක් තුළ යා හැකි උපරිම අධිකරණය දක්වා ගොස් සාධාරණයක් ඉටු නොවන්නේ නම් පමණි.

එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායම සිය ක්‍රමවේදයන්ට අනුකූලව (A / HRC / 36/38), 2019 දෙසැම්බර් 27 දින ශ්‍රී ලංකා රජයට ශක්ති සත්කුමාර පිළිබඳව ප්‍රශ්ණ ගණනාවක්ට පිළිතුරු ලබා දෙන ලෙස ලිපියක් යවන ලදී. එම සන්නිවේදනයට ශ්‍රී ලංකා ආණ්ඩුව පිළිතුරු දී නැත. මෙම ක්‍රියාකාරී කණ්ඩායමේ වරම ලැබෙන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියෙහි ශ්‍රී ලංකාව ද පාර්ශවකරුවෙකි.

එක්සත් ජාතීන්ගේ එකී ක්‍රියාකාරි කණ්ඩායමෙහි නිගමනය වී ඇත්තේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සාමකාමීව ක්‍රියාත්මක කිරීම නිසා සත්කුමාර දීර්ඝ කාලයක් රඳවාගෙන සිටි බවයි. ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු අගෝස්තු 8 වනදා ඇප මත මුදා හරින තෙක් සත්කුමාර බන්ධනාගාරයක රඳවා තබා ගන්නා ලද අතර ඇප කොන්දේසි අනුව ඔහුට මසකට දෙවතාවක් ප්‍රාදේශීය පොලීසියට වාර්තා කළ යුතුය.

සත්කුමාර 2019 අප්‍රියෙල් 1 වන දින අත්අඩංගුවට ගෙන නීති දෙකක් යටතේ චෝදනා ඉදිරිපත් කරන ලදී. එවා නම් ආගමික වෛරය ප්‍රචාරය තහනම් කරන ශ්‍රී ලංකාවේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 3 (1) වගන්තිය සහ ආගමට අපහාස කිරීම තහනම් කරන දණ්ඩ නීති සංග්‍රහයේ 291 (ආ) වගන්තියයි. මෙම චෝදනා දෙක යටතේ වරදකරු වුවහොත් ඔහුට වසර 12 ක උපරිම සිර දඩුවමක් නියම කළ හැකිය.