Posted on 12.09.2021 by Chandana Sirimalwatte in ක්‍රීඩා පුවත් with 0 Comments
පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශූරතාවලියේදී කාන්තා කිලෝග්‍රෑම් 45 බර පන්තියේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ශ්‍රීමාලි සමරකෝන් අද (9) සමත් වූවාය.
උස්බකිස්තානයේදී පැවැත්වෙන මෙම ක්‍රීඩා තරගයේදී ඇය ස්නෑච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 58 ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 78ක් ද සමගින් සමස්ත බර කිලෝ ග්‍රෑම් 136ක් එසවීමට සමත්වූවාය.
ශ්‍රීමාලි සමරකෝන් මහනුවර මහාමායා බැලිකා විදුහලේ ශිෂ්‍යාවකි.