தமிழ்
English
Contact
Friday 18th September 2020    
ශ්‍රීලන්කන් යානා තෝරාගත් රටවල විතරයි, මැදපෙරදිග ශ්‍රමිකයන්ට අගයක් නෑ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ශ්‍රීලන්කන් යානා තෝරාගත් රටවල විතරයි, මැදපෙරදිග ශ්‍රමිකයන්ට අගයක් නෑ!



ලංකාවේ ජාතික ගුවන් සේවයේ මගී පහසුකම් සලසන්නේ තෝරාගත් රටවල් කිහිපයක ගුවන් මගීන්ට පමනක් බව ඒම ගුවන් සේවය දැනුම් දී ඇත.

මේ වනවිට කොරෝනා වසංගතය හේතුවෙන් මැදපෙරදිග සිට මෙරටට පැමිණෙන්නට 54,000ක් ලියාපදිංචිව සිටින බව වසංගත රෝග විද්‍යා අංශය නිල වශයෙන් පිළිගෙන ඇති අතර ඒහෙත් ඔවුන් මෙරටට ගෙන්වීම දින දියමයක් නැතිව අවලංගුකර ඇත. මේ නිසා ගුවන් යානා යවනු ලබන්නේ ඒසේ මැදපෙරදිග නොවන රටවල් කිහිපයක් වෙතය. එනම්, ඉතාලියේ මිලාන්, ඒක්සත් රජධානියේ ලන්ඩන්, ජපානයේ ටෝකියෝ, මාලදිවයිනේ මාලේ, ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට්, ප්‍රංශයේ පැරිස් හා ඔ්ස්ට්‍රෙලියාවේ සිඩ්නි යන නගරවලට පමණකි. මෙම නගරවල සිට පැමිණෙන මගීන් නිරෝධායන මධයස්ථානවලට යවන්නේ නැතිව සමාජය වෙත් නිදහස් කරන්නේදැයි පැහිදිලි නැත. කෙසේවෙතත් මැදපෙරදිග කොරෝනා වසංගතයෙන් පීඩා විඳිමින්, රැකියාවලින් නෙරපා හරිනු ලැබ, මාස තුනක් වැටුප්, නවාතැන් හෝ නිසි ආහාරයක්, ප්‍රතිකාරයක් හෝ වාසස්ථානයක් නැතිව සිටින ලාංකිකයන්ට තවදුරටත් ප්‍රමුඛතාවක් ගුවන් ගමන්වලදී හිමි නොවන බවද පැහැදිලිය.