தமிழ்
English
Contact
Thursday 12th December 2019    
ශ්‍රීලනිප, පොහොට්ටු එකතුවීම තවමත් අතීරණයක | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ශ්‍රීලනිප, පොහොට්ටු එකතුවීම තවමත් අතීරණයක



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ජනපති අපේක්ෂකයා නම් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔවුන් සමග තවදුරටත් කිරීමට ඇත්තේ කවර සාකච්ඡාවක්ද යන්න තමාට ප්‍රශ්නයක් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මාධ්‍යට පවසා තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට උපක්‍රමිකව අවශ්‍ය වුණේ ශ්‍රීලනිපය එතැනට තල්ලු කිරීමට යැයි ද ජනාධිපතිවරයා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කළ අතිබහුතරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා දී ඇතැයි ද දයාසිරි ජයසේකර චෝදනා කරයි.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මාධ්‍යට අදහස් දක්වමින් පවසා තිබුනේ තමන් තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ එකතු කිරීමට උත්සාහ ගන්නා බවයි. එසේම විපක්ෂයේ අපේක්ෂකයාට ජය ලැබිය හැක්කේ ප්‍රධාන පක්ෂ දෙක එකතුවීමෙන් පමණක් බවද ඔහු පවසා තිබේ.

මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව මේ සතියේ රැස්වන බවත් එතෙක් කිසිදු සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුමක් නොමැති බවද මහින්ද අමරවීර මෙහිදී පවසයි.