தமிழ்
English
Contact
Saturday 25th January 2020    
ශ්‍රීලනිප, පොහොට්ටු ගිවිසුම් අත්සන් කිරීම හෙට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ශ්‍රීලනිප, පොහොට්ටු ගිවිසුම් අත්සන් කිරීම හෙට



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම හෙට (10) සිදුකරන බව වාර්තා වේ.

මෙම ගිවිසුම් අත්සන් තැබීම කොළඹ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී හෙට පෙරවරු 10.10‍ට සිදුකිරීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ හා ගෝඨාභය රාජපක්ෂ සමඟ අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තබන බව අද පැවති මාධ්‍ය හමුවකදී නිමල් සිරිපාල ද සිල්වා පවසා තිබුණි.

ජනාධිපතිවරණයේ දී පොහොට්ටුව ලකුණ යටතේ තරග කළත් ඉදිරි මැතිවරණවලදී පොදුජන පෙරමුණ හා එක්ව පුටුව ලකුණින් තරග කරන බවද ඔහු පැවසීය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක සහ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක අද (9) අනුරාධපුරයේ පැවැත්වෙන පොදුජන පෙරමුණේ ජන හමුවට සහභාගී වී තිබේ.