தமிழ்
English
Contact
Wednesday 21st August 2019    
ශ්‍රීල.නි.ප.-පොහොට්ටුව සාකච්ඡාවෙදි නායකයන් දෙන්නකුට එකග වෙලා, ජී.එල්. පහළ මට්ටම සමග කතා කරන්න යයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ශ්‍රීල.නි.ප.-පොහොට්ටුව සාකච්ඡාවෙදි නායකයන් දෙන්නකුට එකග වෙලා, ජී.එල්. පහළ මට්ටම සමග කතා කරන්න යයි!



ශ්‍රීල.නි.ප.-පොහොට්ටුව(පෙදුජන පෙරමුණ) දේශපාලන පෙරමුණක් වෙනුවෙන් කෙරෙන සාකච්ඡා තවදුරටත් එකගතා නැතිව ඉදිරියට යමින් තිබෙන නමුත් සම සභාපතිවරු ලෙස මෛත්‍රිපාල සිරිසේන හා මහින්ද රාජපක්ෂ නම් කළ යුතු බවට එකගතාවක් ඇතිකරගෙන තිබේ.

මේ එකගතා පිළිබද අදහස් දක්වමින් පොදුජන පෙරමුණ නායක ජී.එල්.පීරිස් පවසා ඇත්තේ මෙම එකගතා අවසන් එකගතා නොවන බවත් පක්ෂයේ පහළ මට්ටම සමගත් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ශ්වකරුවන් 12 දෙනකු සමගත් සාකච්ඡා කර තීරණයක් ගන්නා බවය.

මේ ආකාරයට කෝදුරු තෙල් හත්පට්ටයකුත් එකක් අවශ්‍යවන සන්ධානයක් සාදන්නට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට අවශ්‍ය වී ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්දවාදී ඡන්දදායකයන්ගේ ඡන්දය කොල්ලකෑමටය. එසේම හිටපු ජනාධිපති සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මෙම සාකච්ඡා හරහා උත්සාහ කරන්නේ සිය බලය කේවල් කිරීමටය. ජනාධිපති මෛත්‍රිපාල සමග දේශපාලන එකගතා ඇතිකරගෙන මෙවර ජනාධිපතිවරණයේ අවස්ථාව ඔහුට දෙන්නටත් ඉන්පසුව ව්‍යවස්ථා සංශෝධනයකින් අගමැති ලෙස බලය තහවුරු කරගන්නටත් මහින්ද රාජපක්ෂ කටයුතු කරමින් සිටින බවට දේශපාලන අංශවල මතය වී ඇත.