தமிழ்
English
Contact
Tuesday 21st January 2020    
ශානි අබේසේකරගේ හඬපටවලිනුත් පොලිසියට ලැජ්ජා හිතිලා ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ශානි අබේසේකරගේ හඬපටවලිනුත් පොලිසියට ලැජ්ජා හිතිලා !



අපරාධ පරික්ෂණ දපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර විසින් සිදුකර ඇති බවට අනාවරණය වී ඇති දුරකතන සංවාද මගින් පොලිස් සේවයට අපකීර්තියක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර විසින් සිදුකර ඇති දුරකථන සාකච්ඡා සම්බන්ධයෙන් ඇති පැමිණිලි මත ඔහුගේ සේවය අත්හිටුවීම පිළිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාශය මේ බව පෙන්වා දෙයි. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදුකර සති 2 ක් ඇතුලත වාර්තාවක් ලබාදෙන ලෙස වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න වෙත පොලිස් කොමිසම දැනුම් දී ඇති බව ද එම නිවේදනයේ සදහන් වේ.කෙසේවෙතත් රන්ජන් රාමනායක වෙත තිබුණු මෙම හඬපට පොලිසිය භාරයට ගත් පසුව ඒවා අධිකරණමය කාර්යයන්ට ඉදිරිපත් කිරීමටත් පෙරාතුව සමාජ ජාල මාධ්‍යයට මුදාහැරීමෙන් පොලිසියට ලැජ්ජාවෙන් ගැලවිය හැකි වේදැයි එම නිවේදනයේ සඳහන්ව තිබුණේ නැත.