தமிழ்
English
Contact
Monday 26th October 2020    
ශානි අබේසේකර තවදුරටත් රිමාන්ඩ් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ශානි අබේසේකර තවදුරටත් රිමාන්ඩ්



අපරාධ පරීක්ෂණ දෙපර්තම්නේතුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ උප පොලිස් පරීක්ෂක රෝහණ මෙන්ඩිස් යන සැකකරුවන් දෙදෙනා සැප්තැම්බර් 03වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස ගම්පහ මහේස්ත්‍රාත්වරයා අද නියම කළේය.

සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග හැර ඇති බවට ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ. අද යළි නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනා තවදුරටත් රක්ෂිත බන්ධාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියම කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපර්තම්නේතුවේ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා නැමැත්තා ද මෙම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කළ අතර එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කෙරිණි.