Posted on 12.22.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය, ශිෂ්‍ය අයිතින් වෙනුවෙන් අරගලයක යෙදෙන අතරම වතු කම්කරුවන් සිය සාධාරණ අයිතින් වෙනුවෙන් ගෙන යන අරගලයට සහෝදරාත්මක සහයෝගය පළ කරයි.
අ.වි.ශි.බ.ම. කැදවුම්කරු මහිල් බන්ඩාර දෙහිදෙණිය ඇතුළු ශිෂ්‍ය නියෝජිත පිරිසක් දෙසැම්බර් 20 වැනිදා කොළඹ කොටුවේ විරෝධතාවක නියැලෙන අතරතුර වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රු. 1000 දක්වා වැඩිකරන ලෙස ඉල්ලා වතුකම්කරුවන් ආරම්භ කළ සත්‍යග්‍රහය වෙත සහභාගි වූහ.
එහිදී වතු කම්කරු නියෝජිතයන් ඇමතූ අ.වි.ශි.බ.ම. කැදවුම්කරු, වතු කම්කරුවන් දිනාගත යුතු අයිතිවාසිකම් පිළිබද අරගලයේදී ශිෂ්‍ය ව්‍යාපාරය නිරන්තරවම සහෝදරාත්මක සහයෝගය හා ශක්තිය ලබාදෙන බව ප්‍රකාශ කර සිටියේය.