தமிழ்
English
Contact
Thursday 12th December 2019    
ෂාෆි තවදුරටත් රඳවා තබාගැනීම නීති විරෝධී බව CIDය ආරක්ෂක ලේකම්ට දන්වයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ෂාෆි තවදුරටත් රඳවා තබාගැනීම නීති විරෝධී බව CIDය ආරක්ෂක ලේකම්ට දන්වයි



වෛද්‍ය ෂාෆි ශිහාබ්දීන් තව්හිද් ජමාත් සංවිධානයට හෝ වෙනත් ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ නොමැති බව ඔත්තු සේවා හරහා තහවුරුව තිබියදී ඔහුව තවදුරටත් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීම අසාධාරණ බව සීඅයිඩීය විසින් ආරක්ෂක ලේකම්වරයාට දැන්වා තිබේ.

ඒ අනුව රඳවා තබා ගැනීමේ නියෝගය ඉවත් කරන ලෙස ඔහු සීඅයිඩීය ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා තිබේ.

කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් වෛද්‍ය ෂාෆි රඳවා තබා ගැනීමට අදාළ නියෝගය මැයි මස 27වනදා ලබාදෙන ලදී. නමුත් මාසයකට පසු කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා සඳහන් කර තිබුනේ වෛද්‍ය ෂාෆි ත්‍රස්ත සංවිධානයකට හෝ ක්‍රියාවකට සම්බන්ධ බවට සාක්ෂි නොමැති බවයි.