தமிழ்
English
Contact
Saturday 19th June 2021    
සංඛ්‍යාලේඛන සැඟවීමෙන් වසංගතය වැළැක්විය නොහැකියි - දෛනික රෝගී ව්‍යාප්තිය 3000 ඉක්මවයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සංඛ්‍යාලේඛන සැඟවීමෙන් වසංගතය වැළැක්විය නොහැකියි – දෛනික රෝගී ව්‍යාප්තිය 3000 ඉක්මවයි



(TopNews) මේ වනවිට දෛනිකව හමුවන කෝවිඩ් ආසාදිතයන් ගණන 3000 ඉක්මවා තිබෙන අතර ඒම සංඛ්‍යාද දෛනිකව ඉහළ යමින් තිබේ.

පසුගිය 19 වැනිදා සිට මෙසේ පළමුවරට දෛනිකව චෝදනා කරන රෝගීන් වාර්තාවීම 3000 ඉක්මවා ගියේ ආණ්ඩුවේ සංඛ්‍යාලේඛන වැරදි බවට චෝදනා නැගෙමින් තිබියදීය. වසංගතය ව්‍යාප්තවීමේ වගකීම සහ නිවැරදි සංඛ්‍යාලේඛන ඉදිරිපත් නොකර ජනතාවට සත්‍ය වසං කිරීම සම්බන්ධව ආණ්ඩුව විවිධ පාර්ශ්ව වලින් චෝදනා ලබා තිබේ.
කෝවිඩ් ආසාදිතයන් වාර්තාවීම දෛනිකව ඉතා ඉහළ අගයක් බවද මිය ය රෝගින් සංඛ්‍යාවද නිවැරදිව ප්‍රකාශ නොකරන බවද සෞඛ්‍ය සේවයේම ඇතැම් අංශවලින් කරුණු සහිතව වාර්තා කර තිබිණි. සෞඛ්‍ය සේවා වෘත්තිය සංගම් චෝදනා කරන්නේ සෞඛ්‍ය සේවා විශේෂඥ අංශවල අනතුරු ඇඟවීම් හා නිර්දේශ නොතකා ආණ්ඩුව විසින් දේශපාලන වාසි වෙනුවෙන් ජනතාව අවදානමට දමා ඇති බවයි.
සෞඛ්‍ය පහසුකම් වැඩි කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් නොකිරීමේ සිට එන්නත් ලබාදීමේ පිළිවෙත දක්වා සෞඛ්‍ය බලධාරින් ඇතුළු ආණ්ඩුවේ ඉහළ නායකත්වය විවේචනයට ලක් විය.

පහත දක්වා ඇත්තේ පසුගිය දින 3ක් සඳහා ආණ්ඩුව විසින් වාර්තා කළ ආසාදිතයන් සංඛ්‍යාවයි.
මැයි 19 ආසාදිතයන් 3623
මැයි 20 ආසාදිතයන් 3441
මැයි 21 ආසාදිතයන් 3538