Posted on 07.04.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ක්‍රිකට් තරඟ පාවාදීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගත යුතු කිසිවෙකුගෙන් පොලීසිය ප්‍රකාශ ලබාගෙන නොමැති බව මහින්දානන්ද අලුත්ගමගේ පවසයි. ඔහු පවසන්නේ මෙම තරඟ පාවාදීම සඳහා ක්‍රිකට් ක්‍රීඩකයන් සම්බන්ධ බව තමන් පවසා නැති බවයි.
තමා සිදු කළ ප්‍රකාශයට අදාල පොලිස් පරික්ෂණ පිළිබද අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා ඇත.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහින්දානන්ද පවසා ඇත්තේ,
“මම දන්නේ නෑ පොලිස් ඒකකය කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධන කැඳවුයේ කුමන පදනමකින්ද කියලා.”
“පොලිස් මාධ්‍යය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරලා තියෙනවා මේකට තොරතුර නැති නිසා පරීක්ෂණය නතර කරා කියලා. මම කතා කළා මගෙන් ප්‍රකාශ ලබාගත් පොලිස් ඒකකයට. පොලිස් විමර්ෂණ ඒකකයේ ප්‍රධානියා මට කියන්නේ මේ පනතින් මේ පරීක්ෂණය තියන්න බෑ කියලා.”
“තරග පවා දීමේ පනත සම්මත වුණේ 2019 දී. මේ සිද්ධිය වුණේ 2011දී. කුමාර සංගක්කාර මහාතගේ නීතිඥයා කියලා තියෙනවා මේකට කට උත්තර ලබාදෙන්න අපි බැඳිලා නෑ කියලා. මොකද මේ පනත වැරදියි. එතකොට තමයි පොලීසියට තේරෙන්නේ ආරම්භ කරපු පරීක්ෂණය වැරදියි කියලා.පොලීසිය වැරදි පරීක්ෂණයක් ආරම්භ කරලා හිර ගත්තම පරීක්ෂණය අවසන්, තොරතුරු නෑ කියන්න බෑ.”
ආණ්ඩුව විසින් බැලූ බැල්මට පරීක්ෂණ නතර කිරීමට හේතුව වූවේ ක්‍රීඩකයන් ප්‍රශ්න කිරීම නිසා සමාජයෙන් එල්ලවූ විරෝධතාවය නිසයි. මැතිවරණයක් ආසන්නයේ එය අවාසි සහගත බව ආණ්ඩුව දනියි. මහින්දානන්ද අලුත්ගමගේ උත්සාහ කරමින් සිටින්නේද මෙවැනි ප්‍රකාශ හරහා තමන් ආණ්ඩුවට එල්ලවූ ජනතා විරෝධය සමහන් කිරීමටයි.