தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
සංචරණ සීමා ජූනි 28 තෙක් දීර්ඝ කරන්න - ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් ඉල්ලීමක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සංචරණ සීමා ජූනි 28 තෙක් දීර්ඝ කරන්න – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් ඉල්ලීමක්



(TopNews) කොරෝනා වසංගත තත්වය ශීඝ්‍රයෙන් ඉහළ යන පසුබිමක සංචරණ සීමා පැනවීම නිසා පාලනයක් සිදුව ඇතත් අවශ්‍ය තත්වයන් කරා ළඟාවීමට නම් අවම වශයෙන් ජූනි 28 දක්වා මහජන සංචරණය නැවැත්විය යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය පවසන්නේ මේ වනවිට වසංගතයේ උත්සන්නභාවය පාලනය වෙමින් පවතින අතර නැවත සංචරණයෙන් තත්වය නරක පැත්තට හැරිය හැකි බවයි. මැයි මස ආරම්භයේ සිට රෝගීන් වාර්තාවීම වේගයෙන් ඉහළ යාම නිසා සංචරණ සීමා පනවන්නට ඉල්ලා සිටි අතර එය සිදු කිරීම නිසා රෝහල් පිරී ‌සෞඛ්‍ය සේවා ධාරිතාව ඉක්මවා යන අවදානම පහ විය. නමුත් මේ වන විටත් කොරෝනා ආසාදිතයන් වාර්තා වීම එක්තරා මට්ටමකින් දිගටම පවතින අතර අපේක්ෂිත ආකාරයෙන් අඩු වී නැත.
මෙවැනි තත්වකදී පාලනය අත්හැරීමේ පියවර ගැනීම වෙනුවට පාලනය පවත්වා ගෙන යාමට පියවර ගත යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අවධාරනය කරයි.