Posted on 01.12.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
සංචාරකයන්ට ඔන්ලයින් ක්‍රමය ඔස්සේ වීසා ලබා දීමේ ක්‍රමවේදය නැවත ආරම්භ කිරීම පිළිබඳව ඊයේ (11) ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වී තිබේ. ආර්ථික පුනර්ජීවන කමිටුවේ සභාපති බැසිල් රාජපක්ෂගේ විශේෂත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමද විශේෂත්වයකි.
ශ්‍රී ලංකා රජය මඟින් පසුගිය වසරේ මාර්තු මාසයේ කොරෝනා පළමු රැල්ලත් සමඟ ගුවන් තොටුපොළ මඟී ජනතාව වෙනුවෙන් වසා දමා පැමිණීමේ පර්යන්තයේ ඇති වීසා කවුළුව මෙන්ම මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමයට වීසා ලබාදීමේ ක්රමයද අත්හිටුවා තිබේ. නමුත් උදයංග වීරතුංගගේ සංචාරකයන් ගෙන්වීමේ නියමු ව්‍යාපෘතියේදී පැමිණෙන සංචාරකයන්ට වීසා නිකුත් කිරීම ඔවුන් පැමිණීමට පෙර ලබා දීමට කටයතු කර ඇති බව වාර්තා විය.
මේ අනුව මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමයට වීසා ලබාදීමේ ක්‍රමය නැවත ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගන්නේ සංචාරකයන් ගෙන්වීම පුළුල් කිරීමේ අදහසින් විය යුතුය.
මීට පෙර රූපවාහිනී දේශපාලන වැඩසටහනකට සහභාගී වෙමින් ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ පැවසුවේ යුක්රේන සංචාරකයින් මෙරටට ගෙන්වීම හරහා වෛරසය බෝවෙනවද නැද්ද යන්න පිළිබඳ අත්හදා බැලීමක් සිදුකිරීමට රජය බලාපොරොත්තු වෙන බව ප්‍රකාශ කර තිබුණි. මෙහිදී හිතාමතාම අත්හදා බැලීම් කරන බව ද බැසිල් රාජපක්ෂ එහිදී පැවසීය. එසේ නම් වීසා ලබාදෙන ක්රමයද නැවත අරඹා රජය බලාපොරත්තු වෙන්නේ ජනතාවට වෛරසය බෝ වෙනවාද නැද්ද යන්න ගැන තවදුරටත් අත්හදා බලන්නටද දැයි මත පළවෙමින් තිබේ.