தமிழ்
English
Contact
Tuesday 7th July 2020    
සංචාරක සීමා ඉවත් කළ රටවල් ලැයිස්තුව නම් කරන්නෙ වසංගත පාලනය අනුව - යුරෝපා සංගමය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සංචාරක සීමා ඉවත් කළ රටවල් ලැයිස්තුව නම් කරන්නෙ වසංගත පාලනය අනුව – යුරෝපා සංගමය



යුරෝපා සංගමය තාවකාලිකව පනවා තිබූ සංචාරක තහනම ඉවත් කොට සංචාරය සඳහා නම් කර ඇති රටවල් ලයිස්තුවේ ලංකාවේ නම නොතිබීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම සංගමයේ තානාපති කාර්යාලය පවසා ඇත්තේ ලැයිස්තුවේ ලංකාවේ නම නොතිබීම අසාදු ලේඛණගත කිරීමක් ලෙස නොසැලකිය යුතු බවයි.

ලැයිස්තුවට නම ඇතුලත් නොවීම ගැන පැහැදිලි කිරීමක් සිදුකරමින් යුරෝපා සංගම් නියෝජිතයන්, කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගත් උත්සාහය යුරෝපා සංගමය සහ සාමාජික රාජ්‍ය තානාපතිවරු පිළිගන්නා බවද පවසා තිබේ.

යුරෝපා සංගමයට අයත් නොවන රටවල් අතර ගමන් කිරීමේ තහනම ඉවත් කිරීමේ තීරණය යුරෝපා සංගම් සාමාජික රටවල සහ ෂෙන්ගන් ඇසෝසියේටඩ් රටවල් විසින් ගතයුතු බව එම සංගමය පවසයි.

ඒ සඳහා, අදාළ රටේ වසංගත රෝග තත්ත්වය සහ විවිධ නිර්ණායක මත පදනම්ව තීරණ ගන්නා බව යුරෝපා සංගමය පවසයි.

මේ මොහොතේ නිකුත් කෙරෙන කෙටි ලැයිස්තුව රටවල් 15 කට සීමා වේ. එය යථා තත්ත්වයට පත්වීමේ පළමු පියවර ලෙස යුරෝපා සංගමය දක්වයි.

එබැවින් මෙම ලැයිස්තුවේ රටක් නොමැති වීම අසාදු ලේඛණගත කිරීමක් ලෙස නොසැලකිය යුතු බවත් තත්ත්වය යහපත් අතට හැරුණු විගස තවත් රටවල් පියවරෙන් පියවර ඇතුලත් කිරීමට බලාපොරත්තු පැවසේ.
ආරක්ෂිත යැයි සැළකෙන රටවල් 14 ක් සඳහා ජූලි මස 1 වැනිදා සිට සංචාරය කළ හැකි බවට යුරෝපා සංගමය නම්කොට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

සංචාරය කිරීම සඳහා යුරෝපා සංගමය නම් කර ඇත්තේ, ඔස්ට්‍රියාව, කැනඩාව, ජපානය, මොරොක්කෝ, දකුණු කොරියාව, ඇල්ජීරියාව, ජෝර්ජියාව,මොන්ටිනිග්‍රෝ, නවසීලන්තය, රුවන්ඩාව, සර්බියාව, තායිලන්තය, ටියුනීසියාව සහ උරුගුවේ යන රටවල් ය.

කෙසේ වෙතත් එම රටවල් අතරට අමෙරිකාව, බ්‍රසීලය සහ චීනය අයත් නොවේ.