தமிழ்
English
Contact
Friday 29th May 2020    
සංවර්ධනය වෙමින් පවතින රටවල ණය කපා හැරීමේ යෝජනාවක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සංවර්ධනය වෙමින් පවතින රටවල ණය කපා හැරීමේ යෝජනාවක්



කොරෝනා වෛරස් ගෝලීය වසංගතයේ බලපෑමට ලක්ව ඇති සංවර්ධනය වෙමින් පවත්නා රටවල ඩොලර් ටි‍්‍රලියනයක් පමණ වූ ණය කපා හැරීමට වෙළදාම සහ සංවර්ධනය පිළිබද ජගත් සංවිධාන නියෝජිතායතනය යෝජනා කර තිබේ.

එමගින් පෙන්වා දෙන්නේ අපනයන වෙළඳ භාණ්ඩ මිල පහත වැටීම සහ දේශීය විනිමය අගය විශාල වශයෙන් අවප්‍රමාණ වීම නිසා සංවර්ධනය වෙමින් පවත්නා ආර්ථිකයන් දැඩි අර්බුදයකට මුහුණ දෙන බවයි.

අඩු ආදායම් ලබන රටවල් 64කට මේ වන විට සිය සෞඛ්‍ය පද්ධතිය සඳහා වැය කරන මුදලට වඩා වැඩි මුදලක් ණය ආපසු ගෙවීමට වැය කිරීමට සිදුව ඇති බව ජගත් සංවිධාන නියෝජිතායතනය වැඩිදුරටත් සඳහන් කර ඇත.