தமிழ்
English
Contact
Friday 6th December 2019    
සජිත් ගෝඨාභයට සුබ පතයි - ආධාරකරුවන් ආරක්ෂා කරන ලෙස ඉල්ලයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සජිත් ගෝඨාභයට සුබ පතයි – ආධාරකරුවන් ආරක්ෂා කරන ලෙස ඉල්ලයි!



ලංකාවේ 7වැනි ජනාධිපතිවරයා ලෙසින් තේරීපත්වන්නට නියමිත ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණයට සිය සුබපැතුම් එක්කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

ජනතාවගේ මතයට ගරුකරමින්, වහාම ක්‍රියාත්මක වන පරිදි, එක්සත් ජාතික පක්ෂයේ උප නායකයා ලෙසින් තමා මෙතෙක් දැරූ ධුරයෙන්ද ඉල්ලා අස්වන බව ප්‍රේමදාස සිය ලිපියේ වැඩිදුරටත් සඳහන් කරයි.

මෙවර ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස තරග කරන්නට සහාය පළකල සියලුදෙනා, හා සිය ආදරණීයයන් සමගින් සාකච්ඡා කර දේශපාලන දිවියේ අනාගතය සම්බන්ධයෙන් තීන්දුවකට එළඹෙන බව ඔහුගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරයි.

එසේම පශ්චාත් මැතිවරණ සමයේදී තමන්ගේ ආධාරකරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සහතික වන ලෙසත් සජිත් ප්‍රේමදාස තම ලිපියෙන්, ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා තිබේ.