தமிழ்
English
Contact
Thursday 12th December 2019    
සජිත් තාත්තා වගේම පැය 24ම වැඩකරනවා - රනිල්ගෙන් සජිත්ට ප්‍රශංසා | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සජිත් තාත්තා වගේම පැය 24ම වැඩකරනවා – රනිල්ගෙන් සජිත්ට ප්‍රශංසා



රණාල ප්‍රදේශයේ පැවති නිවාස ව්‍යාපෘතියක් විවෘත කිරීමේ උත්සවයකදී රනිල් වික්‍රමසිංහ එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට ප්‍රශංසා කොට තිබේ. රනිල් වික්‍රමසිංහ පවසා ඇත්තේ සජිත් ප්‍රේමදාස ඔහුගේ පියා මෙන් පැය 24ම වැඩ කරන පුද්ගලයෙකු බවයි. එසේම අවශ්‍යතා ඇති අයට නිවාස ලබාදීම සඳහා සජිත් ප්‍රේමදාස ගන්නා උත්සාහයට තමා ස්තූති කරන බවද අගමැතිවරයා මෙහිදී පවසා ඇත.

රනිල් වික්‍රමසිංහගේ කතාව අතරතුර පාක්ෂිකයෙක් නැගිට කොන්ද පණ ඇති නායකයෙක් ඕනා යයි කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ඔහු පවසා ඇත්තේ එජාප නායකයන් සියලු දෙනාට කොන්ද පන ඇති බවත් ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේද කොන්ද පන ඇති නායකයෙක් බවයි.