தமிழ்
English
Contact
Friday 14th August 2020    
සජිත් යටතේ ඇති සංස්කෘතික අරමුදලේ බිලියන 1.2ක් නැතිවීම ගැන හොයන්න රනිල්ගෙන් කමිටුවක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සජිත් යටතේ ඇති සංස්කෘතික අරමුදලේ බිලියන 1.2ක් නැතිවීම ගැන හොයන්න රනිල්ගෙන් කමිටුවක්



මධ්‍යම සංස්කෘතික අරමුදලේ බිලියන 1.2ක මුදලක් අස්ථානගත වීම පිළිබඳ සෙවීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ඔහුගේ ලේකම් සමන් ඒකනායකගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර ඇතැයි වාර්තා වේ.

මෙම සතියේ පැවති කැබිනට් රැස්වීමේදී මෙම කරුණ ඉදිරිපත් කර ඇත්තේ බලශක්ති අමාත්‍ය රවී කරුණානායක විසිනි.

මධ්‍යම සංස්කෘතික අරමුදල නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස යටතේ පවතින ආයතනයකි.

මෙහිදී මෙවර ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට සූදානම්ව සිටින සජිත් ප්‍රේමදාසට ප්‍රභල විරෝධයක් එල්ල කරන රවී කරුණානායක විසින් මෙය ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි.