தமிழ்
English
Contact
Thursday 21st March 2019    
සටන් කරන ජනතාව ඒකරාශි කරමින් ජනතා අරගල මධ්‍යස්ථානයක්! - වමේ පක්ෂ මූලිකත්වය ගනී | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සටන් කරන ජනතාව ඒකරාශි කරමින් ජනතා අරගල මධ්‍යස්ථානයක්! – වමේ පක්ෂ මූලිකත්වය ගනී



විවිධ ජනතා අරමුනු වෙනුවෙන් හඩ නගන සහ අරගලකාරී ලෙස මැදිහත්වන ජනතාවගේ සටන්කාමී ඉලක්ක ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව සහ විකලප දේශපාලන බලයක් ගොඩනැගීමේ අරමුණින් ‘ජනතා අරගල මධ්‍යස්ථානය’ නමින් පොදු අරගල මධ්‍යස්ථානයක් ගොඩනැගීමට වාමාංශික පක්ෂ එක්ව තිබේ.
‘සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය සහ ආර්ථික යුක්තිය ජන බලයෙන් ගොඩනැගීම’ යන අරමුණ සදහා වාමාංශික දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන, ප්‍රජාතන්ත්‍රවාදී බලවේග, සමාජ ක්‍රියාධරයන් සහ ප්‍රගතිශීලීන් මේ ආකාරයට එක මිටකට එකතු කරන ‘ජනතා අරගල මධ්‍යස්ථානය’  දෙසැම්බර් හෙට( 27) දින සවස 4.00ට කොළඹ නව නගර ශාලාවේදී ප්‍රකාශයට පත් කෙරේ. එසේම ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථිකය සහ ජාතික ගැටළුව ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක ජන බලයෙන් දිනාගත යුතු හදිසි කර්තව්‍යයන්’ පිළිබඳ යෝජනා අඩංගු ‘ජනතා සැලැස්ම’ එම අවස්ථාවේදීම එළිදැක්වීමට නියමිතය.