தமிழ்
English
Contact
Friday 14th May 2021    
සත්‍ය යටපත් කිරීමේ පාලක අරමුණු මත මාධ්‍යවේදීන්ට පොලිස් මර්දනය! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සත්‍ය යටපත් කිරීමේ පාලක අරමුණු මත මාධ්‍යවේදීන්ට පොලිස් මර්දනය!



පාලක රාජපක්ෂ ආණ්ඩුවේ පොලිස් මර්දනකාරී ක්‍රියාදාමයට මාධ්‍යවේදීන් වැඩි වශයෙන් ගොදුරු වීමේ ප්‍රවණතාව යනු ආණ්ඩුවේ කටයුතු සම්බන්ධව මාධ්‍යවේදීන් විසින් අනාවරණය කිරීම වැළැක්වීමේ අවශ්‍යතාව ඉටු කිරීමක් බව පෙනී යයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්ව වසර එක හමාරකට ආසන්න කාලයක් ගෙවී යන අතර ගෝඨාභය – මහින්ද ආණ්ඩුවේ පළමු වසර ඉකුත් වෙමින් තිබේ.
මේ වනවිට මාධ්‍යවේදී සුජීව ගමගේ පැහැර ගෙන යාම සහ වධ දී ප්‍රකාශයන් ලබා ගැනීම සම්බන්ධව පොලිසියට චෝදනා එල්ල වී ඇත. වාලච්චේන නගරයේදී අත්අඩංගුවට ගත් මාධ්‍යවේදී මුරුගුපිල්ලේ ගෝකුලදාසන් සම්බන්ධ මර්දනකාරී තත්වය බරපතළ වන්නේ ඔහු තවමත් නිදහස් කර නැතිවීම සහ රඳවා සිටින ස්ථානය අනාවරණය නොකිරීම නිසාය. මඩකලපුවේ පදිංචි මුරුගපිල්ලේ, 2020 නොවැම්බර් 28 දින වාලච්චේනේදී අත්අඩංගුවට ගනු ලැබුවේ කොටි සංවිධානයේ ඡායාරූප මූණු පොතේ පළ කිරීමේ හේතුවක් මතය.
මාලික අබේකෝන් කොළඹදී අත්අඩංගුවට ගනු ලැබුවේ ඡායාරූප ගනිමින් සිටියදී ජංගම දුරකථනය පොලිස් නිලධාරියකු විසින් පැහැර ගෙන පළා යාමට සූදානම් වූ අවස්ථාවේ අදාළ නිලධාරියා ලුහුබැඳ යමින් ඡායාරූප ගැනීමට දැරූ උත්සාහයේදීය. ඉන්පසුව මරදාන පොලිසියේදී දරුණු ලෙස පහරදීමට ලක් වූ මාලික, වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු නොකර නීතිඥ සහාය ලබාගැනීමේ අවස්ථාවද වළක්වා තිබිණි. නීතිඥයන්ගේ හා වෘත්තිය සමිති ක්‍රියාකාරින්ගේ බලවත් උද්ඝෝෂණ මැද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කරන ලද අවස්ථාවේ ඔහුට කිසිදු ශාරිරික හානියක් නොමැති බවට ව්‍යාජ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලදී, අධිකරණය හමුවේ පොලිසිය බොරු කරන බවට කෑ ගසා සිය සිරුරේ තුවාල පෙන්වීමට මාධ්‍යවේදියා සමත් වීම නිසා අවසානයේ ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරණ ලදී. හෙට(12) ඔහු නැවත මහෙස්ත්‍රාත් හමුවට පැමිණවීමට නියෝගකර ඇත.