தமிழ்
English
Contact
Tuesday 25th January 2022    
සති දෙකක් තුළ වසංගතයේ වර්ධනයක් - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අනතුරු ඇඟවීම්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සති දෙකක් තුළ වසංගතයේ වර්ධනයක් – සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අනතුරු ඇඟවීම්!



(TopNews) පසුගිය සතියට වඩා මේ සතියේ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇතත් කොවිඩ් මරණ සංඛ්‍යාව අඩුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි පවසයි.
සති දෙකක් තුළ කොව්ඩි රෝගීන් වැඩි වීම 3-5%ක් වන බව ඔහු අනාවරණය කළේය.
ඉදිරියේදී එළඹෙන නත්තල සහ අලුත් අවුරුද්ද කාල සීමාවේදී ජනතාව ඒකරාශී වීමෙන් වැළකී සෞඛ්‍ය නීති අකුරටම පිළිපැදීම වැදගත් බවත් එසේ නොකළහොත් වසංගතය ව්‍යාප් වීමේ අවදානමක් ඇති බවද සෞඛ්‍ය අමාත්‍යංශය අනතුරු අඟවා ඇත.