தமிழ்
English
Contact
Thursday 21st March 2019    
සති දෙකකින් දෙවැනි විශේෂ මහාධිකරණයත් පිහිටුවනවා! - තලතා අතුකෝරළ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සති දෙකකින් දෙවැනි විශේෂ මහාධිකරණයත් පිහිටුවනවා! – තලතා අතුකෝරළ



යහපාලන ආණ්ඩුවේ සැලසුමකට අනුව, රාජපක්ෂ පාලනය සමයේ බරපතළ මූල්‍ය වංචා දූෂණ නඩු විභාග කිරීමේ දෙවැනි ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය සති දෙකක් ඇතුළත පිහිටුවන්නට කටයුතු කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනි තලතා අතුකෝරළ පවසයි.
1978 අංක 2 දරණ අධිකරණ සේවා සංවිධාන පනතින් අධිකරණ ඇමැති වෙත පැවැරී ඇති බලතල යටතේ පිහිටුවන මෙම විශේෂ මහාධිකරණය පිහිටුවන්නට සූදානම් වුවද එයට අදාළ ස්ථානය සම්බන්ධයෙන් අවසන් තීරණයකට තවමත් පැමිණ නැති බව අධිකරණ ඇමතිවරිය පැවසුවාය.
විශේෂ මහාධිකරණ පිහිටුවීමේ සංශෝධන පනත් කෙටුම්පත පසුගිය වසරේ මැයි 9 වැනිදා ව්‍යවස්ථාදායකයේ වැඩි ඡන්දයෙන් සම්මත කිරීමෙන් පසුව පළමු විශේෂ මහාධිකරණය පසුගිය අගෝස්තු 21 වැනිදා පිහිටුවන ලදී. දණ්ඩ නීති සංග්‍රහය යටතේ අල්ලස්, සාපරාධී විශ්වාසය කඩ කිරීම, මූල්‍ය අපහරණය, මූල්‍ය විශුද්ධිකරණය, ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් යෙදීම, සංවිධානාත්මක අපරාධ සහ මහජන දේපල අවභාවිතයට අදාල පැමිණිලි විභාග කිරීම ගැනෙන වැරදි විභාග කිරීමට මෙම මහාධිකරණවලට බලය හිමිවේ.

කෙසේ වුවද මෙම අධිකරණවලින් රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රධානින් දඩයමට ලක් කිරීමේ අරමුණක් ඇති බව පසුගිය කාලයේ විවේචනද ඉදිරිපත් විය.