தமிழ்
English
Contact
Wednesday 17th August 2022    
සන්නද්ධ හමුදා ගෙන්වා පෞද්ගලික ඉඩම් අත්පත් කරගැනීමට ජනතා විරෝධය! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සන්නද්ධ හමුදා ගෙන්වා පෞද්ගලික ඉඩම් අත්පත් කරගැනීමට ජනතා විරෝධය!



යාපනයේ මාදගල් ප්‍රදේශයේ නාවික හමුදාව යොදවාගෙන පෞද්ගලික ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගැනීමට දැරූ උත්සාහය පසු බැස්සවීමට කාන්තාවන් ප්‍රමුඛ ප්‍රදේශවාසී ජනයා සමත්ව තිබේ.

දින දෙකක් තුලදී නාවික හමුදාව මේ සඳහා තුන් වතාවක් උත්සාහ කළ නමුත් රජයේ මිණින්දෝරුවන්ට ජනතා විරෝධය හමුවේ මැනුම් කටයුතු සිදු නොකරම ආපසු යාමට සිදු විය.
මේ ආකාරයට යාපනයේ, මාදගල් නැගෙනහිර, කුසුමන්තුරෙයි ප්‍රදේශයේ කුඩා ඉඩමක් දරුවන් සිටින පියකගෙන් බලහත්කාරයෙන් අත්පත්කරගැනිමේ අරමුණින් කටයුතු කළ නාවික හමුදා සාමාජිකයන් ඉඩම ලබා දීමට කැමැති බවට ලිපියකට අත්සන් කරන ලෙසට ඔහුට තර්ජනය කර ඇත.

ඊයේ දිනයේ එම ඉඩමේ මැනීම් කටයුතු සදහා රජයේ මිණින්දෝරුවන් පැමිණි අවස්ථාවේ ඔවුන් පැමිනි වාහනය හරස් කොට විරෝධතා දක්වා ආපසු පිටත් කර හැරීමට කටයුතු කළ උද්ඝෝෂකයන් නැවත නාවික මුරපොළ ඉදිරියට පැමිණ දැවැන්ත විරෝධතාවයක් දියත් කර තිබුනි. මේ තත්වය නිසා බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කරගැනීම ව්‍යර්ථ වී ඇත.