Posted on 01.18.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ඉන්ධන නෙැමැතිකම හේතුවෙන් අද පස්වරුවේ සපුගස්කන්ද සහ කැලණිතිස්ස බලාගාර දෙකේ විදුලි ජනන කටයුතු යළිත් වරක් නතර කෙරිණි.
මේ වනවිට දැවිතෙල් භාවිතයෙන් ක්රියාකරන සපුගස්කන්ද බලාගාරය සහ ඩීසල්වලින් ද විදුලි ජනනය කරන කැලණිතිස්ස බලාගර දෙක ක්රියාවිරහිතවීම නිසා ජාතික විදුලිය පද්ධතියට මෙගා වොට් 100ක පමණ ධාරිතාවක් අහිමි වේ.
මෙම තත්වය නැවත විදුලිය විසන්ධි වීම් ඇති කරවන බවට අනාවැකි පළව ඇත.