தமிழ்
English
Contact
Monday 17th June 2019    
සබරගමුව විශ්වවිද්‍යාල සිසුන් 54ට සතියක පන්ති තහනමක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සබරගමුව විශ්වවිද්‍යාල සිසුන් 54ට සතියක පන්ති තහනමක්!



සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ නවක සිසුන්ට නවකවදය ලබා දීමේ සිදුවීම්වලට සම්බන්ධ බවට චෝදනා කරමින් එම සරසවියේ සිසු සිසුවියන් 54 දෙනකුගේ මෙම පන්ති තහනම පනවා තිබේ.

පළමුවන වසරේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නවක වදය දීම, පරිපාලනයට බාධා කිරීම සහ තම අනන්‍යතාව තහවුරු කිරීම ප‍්‍රතික්‍ෂෙප කිරීම යන චෝදනා මත සබරගමුව සරසවියේ ශිෂ්‍යාවන් 40කගේ සහ ශිෂ්‍යයන් 14දෙනෙකුට අදාළව පෙබරවාරි 15 සිට 21දින දක්වා දේශනවලට සහභාගිවීමේ අවස්ථාව අත්හිටුවීමට කෘෂි විද්‍යා පීඨාධිපති ආචාර්ය සුමිත් මාගම විසින් තීරණය කර තිබිණි. පීඨාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ තමන් විසින් අදාළ සිසු පිරිස සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සලකා බැලීමෙන් අනතුරුව විමර්ශනයකදී ඔවුන් නවකවදය ලබා දීමට සම්බන්ධ බවට අනාවරණය වී ඇති බවයි.

සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පවසන්නේ, සිසුන්ගේ පන්ති තහනම් කරමින් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සිසුන් මර්දනය කිරීමේ පිළිවෙතක සිටින බවයි.