தமிழ்
English
Contact
Friday 18th September 2020    
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු නම් කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු නම් කරයි



සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සදහා රංජිත් මද්දුමබණ්ඩාර, හරින් ප්‍රනාන්දු, ඉම්තියාස් බාකිර් මාකර්, තිස්ස අත්තනායක, එරාන් වික්‍රමරත්න, මයන්ත දිසානායක සහ ඩයනා ගමගේ යන අය ඊට නම් කර ඇතිබව සඳහන්ය.

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර නම් කිරීමත් සමග මේ වනවිට මෙවර පාර්ලිමේන්තුව සඳහා ජාතික ලැයිස්තුවෙන් නම් කිරීමට ඉතිරිව ඇත්තේ මන්ත්‍රී ධූර දෙකක් පමණයි.

ඒ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ධුරය සහ අපේ ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී ධුරයයි.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රී ධුරය සඳහා ආචාර්ය හරිනි අමරසූරිය පත් කිරිමට එම පක්ෂය ඊයේ තීරණය කර තිබුණි.

මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය ඇතුළු සමගි ජනබලවේගය සමඟ සන්ධානගතව සිටි පක්ෂවලට මේ අනුව කිසිදු මන්ත්‍රී ධූරයක් හිමිව නැත. ඒ පිළිබඳ අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස පවසා සිටියේ මෙම කාරණය සාමකාමීව විසඳාගත් බවයි.