தமிழ்
English
Contact
Friday 18th September 2020    
සමගි ජන බලවේගය 20ට එරෙහිව විරෝධතාවයක | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සමගි ජන බලවේගය 20ට එරෙහිව විරෝධතාවයක



‘19 න් ඉදිරියට‘ ජනතා ව්‍යාපාරය සංවිධානය කළ සත්‍යග්‍රහයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රය ඉදිරිපිට පිහිටි මාදුළුවාවේ සෝභිත හිමිගේ පිළිරුව අබියසදී ඊයේ (08) පස්වරුවේ පැවැත්විණ.

එම පිරිස එහිදී 20 වන ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීමේ ජනතා ප්‍රතිඥාවක්ද ලබා දී තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ පිළිරුවට මල් වට්ටියක් තබා ගෞරවාචාර දැක්වීමෙන් අනතුරැව විරෝධතාවයට එක් විය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, 19 න් ඉදිරියට ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු රාජිත සේනාරත්න, ආචාර්ය දයාන් ජයතිලක, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු ලේකම් සුනිල් ජයසේකර සහ උලපනේ සුමංගල හිමියෝ මෙහිදී අදහස් දැක්වූහ.

අදහස් දැක්වීමෙන් අනතුරුව පිරිස පා ගමනින් පාර්ලිමේන්තුව දෙසට වන මහා මාර්ගයට පැමිණ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින්, සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වී තිබේ.