සම්බාධක පනවන බවට ඉන්දියාවට අමෙරිකාවෙන් තර්ජන !
Posted on 09.22.2018 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
රුසියාවෙන් එස් 400 වර්ගයේ දිගු දුර නව ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියක් මිලදී ගැනීමට ඉන්දියාව එළඹී ගිවිසුම අහෝසි නොකරන්නේනම් ඉන්දියාවට එරෙහිව සම්බාධක පනවන බවට අමෙරිකා එක්සත් ජනපදය අනතුරු අඟවයි.
ඉන්දියානු සාගර කලාපය තුළ නව මිසයිල ආරක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීමට ඉන්දීය රජය සැලසුම් කර තිබූ අතර එය මිලදී ගැනීම රුසියාවෙන් කිරීමටද ඉන්දියාව තීරණය කර තිබිණි. මේ අතර රුසියාවෙන් යුද ගුවන් යානා හා ගුවන් ආරක්ෂක මිසයිල මිලදී ගැනීමට චීනයද ක්රියා කර තිබිණි. ඒ හේතුවෙන් චීන හමුදාවට එරෙහිව සම්බාධක පැනවීමට තමන් ක්රියා කරන බව ඊයේ ඇමෙරිකා එක්සත් ජනපදය නිවේදනය කළේය. තම හමුදාවට එරෙහිව පැනවූ සම්බාධක ඉවත් කර නොගන්නේ නම් අමෙරිකාවට ඉදිරියේදී දරුණු ප්රතිවිපාකයන්ට මුහුණ දීමට සිදුවනු ඇතැයි අනතුරුව චීනය අනතුරු අඟවා ඇතත් තවමත් ඉන්දීය රජය කිසිම ප්රතිචාරයක් දක්වා නැත.