தமிழ்
English
Contact
Friday 29th May 2020    
සම්මාන ඒපා අපට වැඩකරන්න පහසුකම් දෙන්න - ප්‍රංශ රෝහලකින් මැක්‍රොන්ට පාඩමක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සම්මාන ඒපා අපට වැඩකරන්න පහසුකම් දෙන්න – ප්‍රංශ රෝහලකින් මැක්‍රොන්ට පාඩමක්



පසුගිය කාලයේ සෞඛ්‍ය සේවය කප්පාදු කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක කළ ප්‍රංශ ජනාධිපති ඒමානුවල් මැක්‍රොන් පැරිසියේ රෝහලකදී ‘හොඳ හැටි අසාගත්’ බව විදේශ පුවත්සේවා වාර්තා කරයි.
පැරිසියේ Pitie-Salpetriere නමැති ප්‍රධාන පෙළේ රොහලකට ගිය ජනාධිපතිවරයා හමුවූ රෝහලේට ඒහිදී වෛද්‍යවරු හා වෙනත් සෞඛ්‍ය සේවකයන් සෞඛ්‍ය සේවය කප්පාදු කිරීමෙන් වසංගත තත්වය නිසා ඇති වූ දුෂ්කරතා පෙන්වා දෙමින් දෝෂාරෝපණය කළ බව දැනගන්නට ඇත.
‘කල් ඉකුත්ව ගිය’ ශල්‍ය මුහුණු වැස්මක් ජනාධිපති මැක්‍රොන්ට පෙන්වමින් හෙදියක් පවසා ඇත්තේ “අපි තමයි යුරෝපයේ අවමානය” යනුවෙනි.
ඒහිදී ජනාධිපතිවරයා “ඒක ඇත්තක් නෙවෙයි” යැයි පවසමින් කරුනු පැහැදිලි කිරිමට උත්සාහ ගත්තද සෞඛ්‍ය සේවකයන් ඔහුගේ විස්තර කිරිම් නවතා තමන් මුහුණ පා සිටින දුෂ්කරතා සහ ආණ්ඩුවේ කප්පාදු පිළිවෙතේ සම්බන්ධය දක්වමින් තර්කකිරිම නිසා ජනාධිපතිවරයා නිරුත්තර වී ඇත.
“අපි අසරණ වෙලා. තවත් අපට ඔබ ගැන විශ්වාසයක් නෑ.”යනුවෙන්ද ජනාධිපතිවරයාට හෙදියන් ඔහු වෙත අප්‍රසාදය පළකර ඇත.
මෙවැනි අවස්ථාවක් උද්ගත වෙතැයි පැවති අනුමානය මත කිසිදු මධ්‍යවේදියකුට හෝ කැමරාවක් සහිත අයකුට ජනාධිපති මැක්‍රොන් රෝහලට පැමිණි අවස්ථාවේ ඒ් අසළට යාමට ආරක්ෂකයන් විසින් අවස්ථාවක් ලබා දී නැත. ඒසේම ජනාධිපති මාධ්‍ය ඒ්කකය විසින් ඒ් රෝහල් සංචාරය සම්බන්ධ කිසිදු මාධ්‍ය වාර්තාවක් හෝ ඡායාරූපයක් ජනමාධ්‍ය වෙත යැවීමෙන් වැළකී සිට ඇත.
රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන් කරුණු දැක්වීමෙන් පසුව තමන් යටතේ රෝහල් පද්ධතිය තුළ ඇතිකළ ප්‍රතිසංස්කරණවලදී සිදුවූ ‘අඩුපාඩු’ ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇත. ලෝකයේ ධනවත්ම රාජ්‍යයක් ලෙස කොරෝනා වසංගතයට මුහුණ දීමේදී රෝහල් කාර්ය මණ්ඩල හිගයේ සිට මුහුණු ආවරණ ඇතුලු උපකරණ හිගයක් දක්වා තත්වයන් ඇති වූයේ අරමුදල් කප්පාදුව නිසා බව හු ඒහිදී පිලිගෙන තිබේ.
පැරිස් නගරයේ රෝහල් පාලක විසින් ජනාධිපතිවරයාට පවසා ඇත්තේ සෞඛ්‍ය වෛද්‍ය උපකරණ සපයන ලෙස මාස ගණනක් තමන් විසින් බලධාරින්ට කළ ඉල්ලීම් නිශ්ඵල වූ බවය.
රෝහල් පද්ධතියට වෛරස් ආසාදිතයන් දරාගන්නට නොහැකි වීමෙන් පසුව යුද හමුදාව යොදවා සාම කාලයේ පළමුවරට ‘හමුදා ක්ෂෙත්‍ර රෝහල්’ පවත්වාගෙන යාමට අවසර දුන් බව මැක්‍රොන් පාලනය පවසයි. ඒම තොරතුරු අනුව, ප්‍රංශය විසින් ජෙට් යානා සහ අධිවේගි දුම්රිය යොදාගෙන හදිසි රෝගීන් රොහල් වෙත යැවීමට පියවර ගන්නා ලදී.
රෝහල් ගැටලු සම්බන්ධයෙන් ප්‍රංශයේ දීර්ඝකාලීන ප්‍රශ්නයක් පැවති අතර පසුගිය වසරේ ඒරට සෞඛ්‍ය සේවකයෝ නව කාර්ය මණ්ඩල බඳවා ගන්නා ලෙසත් පහසුකම් වැඩිකරන ලෙසත් ඉල්ලමින් මාස ගණනක වැඩ වර්ජනයක්ද සිදුකළහ.
රෝහලේ වෛද්‍යවරු පිරිසක් වෙනම හමුවීමේදී කිසිදු වෛද්‍යවරයකු මැක්‍රොන් වෙත කාරුනික ලෙස කතා නොකළ බවටද රෝහල් තොරතුරු උපුටා දක්වන විදේශ මාධ්‍ය පවසයි. රෝහල් කාර්ය මණ්ඩලවල කාර්යක්ෂම සේවාවන්ට සම්මාන පිරිනැමීමේ අදහසක් සම්බන්ධ ප්‍රතිචාර දක්වමින් ඔවුන් පවසා ඇත්තේ තමන් සිදුකරන කාර්ය වඩා හොඳාන් කිරීමට පහසුකම් ලබා දෙනවා නම් තෘප්තියෙන් වැඩකරන්නට හැකිවන අතර වෙනත් කිසිදු සම්මානයක් අවශ්‍ය නොවන බවය.
රෝහල් සේවක වෘත්තිය සමිති නියෝජිතයන් ඔහුට දන්වා ඇත්තේ හෙදියන් සේවය හැරයාම වැළැක්වීමටත් රෝහල් පද්ධතිය කාර්යක්ෂමව පවත්වාගෙන යාමටත් වැටුප් වැඩි කිරීමෙන් හා කාර්ය මණ්ඩල වැඩිකිරීමෙන් මෙහා විසඳුමක් අපේක්ෂා නොකර බවය.
සෞඛ්‍ය සේවයේ ගැටලු විසඳන බවට රෝහල‌් සංචාරය අවසානයේදී මැක්‍රොන් පොරොන්දු වුවද සෞඛ්‍ය සේවකයන් පවසා ඇත්තේ කිසිවක් ක්‍රියාත්මක තලයට ගෙන ඒන්නේ නැති තත්වයක ඒ්වා පිලිගත නොහැකි බවය.
ප්‍රංශ සෞඛ්‍ය අංශ වාර්තා කළ ආකාරයට රෝහල් හා සාත්තු නිවාසවලදී කොරෝනා රෝගීහු 27,000ක් මිය ගියහ.