தமிழ்
English
Contact
Saturday 19th June 2021    
සමාගම් දෙකකට මාස 2ක් සඳහා අවශ්‍ය ප්ලාස්ටික් අමුද්‍රව්‍ය නැවේ තිබිලා - මහින්ද අමරවීර | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සමාගම් දෙකකට මාස 2ක් සඳහා අවශ්‍ය ප්ලාස්ටික් අමුද්‍රව්‍ය නැවේ තිබිලා – මහින්ද අමරවීර



රටේ ප‍්‍රධාන පෙළේ පොලිතීන් නිෂ්පාදන සමාගම් දෙකකට සිය නිෂ්පාදන කටයුතු සඳහා මාස දෙකකට සෑහෙන තරම් ප්ලාස්ටික් පැලට්ස් ‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නැවේ තිබී ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් මේ වනවිට වෙරළ පිරිසිදු කරන කාර්යය මණ්ඩලය විසින් වෙරළට ගොඩගැසූ ප්ලාස්ටික් පැලට්ස් බහාලූම් 40 ක් එකතු කර විනාශ කිරීම සඳහා ගබඩා කර තිබෙන බවත් පරිසර ඇමැති මහින්ද අමරවීර පවසා තිබේ.

ඇමැතිවරයා මේ බව පැවසුවේ ඊයේ (10 ) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා සඳහන් කර සිටියේ ගිනි ගෙන ගිලී ගිය ‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නැව තුළ රසායනික ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ වර්ග 193ක් තිබුණු බවට හඳුනාගෙන ඇති බවත් බහාලූම් 1486 ක් වූ මෙම සමස්ත භාණ්ඩ තොගය අතර ප්ලාස්ටික් පැලට්ස් අඩංගු බහාලූම් විශාල ප‍්‍රමාණයක් අන්තර්ගත වී තිබී ඇති බවයි.

”නැව ගිලී යෑම නිසා සාගරයට එක් වූ ප්ලාස්ටික් වෙරළට ගොඩ ගැසූ පසු ඉන් විශාල කොටසක් මේ වන විට එක්රැුස් කර ගෙන තිබෙනවා. තවත් කොච්චර ප‍්‍රමාණයක් සාගරය තුළ මෙන්ම මසුන් විසින් කා දමන්නට ඇද්දැයි අපි දන්නේ නැහැ. “යැයි ද ඇමැතිවරයා මෙහිදී පවසා ඇත.