தமிழ்
English
Contact
Tuesday 17th September 2019    
සමාජවාදී විකල්පයක් වෙනුවෙන් පෙ.ස.ප ජනාධිපතිවරණයට එනවා! - කුමාර් ගුණරත්නම් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සමාජවාදී විකල්පයක් වෙනුවෙන් පෙ.ස.ප ජනාධිපතිවරණයට එනවා! – කුමාර් ගුණරත්නම්



පවතින වංචනික දේශපාලන ක්‍රියාදාමය වෙනුවට ජනතාවගේ ප්‍රශ්නවලට ඇත්ත විසඳුම් ගෙන එන සමාජවාදී විකල්පය වෙනුවෙන් ජනාධිපතිවරණයේදී තරග වදින්නට අපෙක්ෂා කරන බවත් පුද්ගලයකු වටා ගොනුකරන තරගයකට වඩා දේශපාලන වැඩපිළිවෙළක් ජනතාවට හඳුන්වාදෙන්න සූදානම්වන බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
අද(27) පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් බත්තරමුල්ල, පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍ර කළේ පෙ.ස.ප. සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම් විසිනි. පෙ.ස.ප. ප්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක, අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව සහභාගි වූ එම මාධ්‍ය හමුවේදී ඔහු පළ කළ අදහස් සාරාංශයක් පහත සටහන් වේ.
“මේ වනවිට ජනාධිපතිවරණය අරමුණු කරගෙන දේශපාලන පක්ෂ විසින් අපේක්ෂකයන් නම්කරමින් තිබෙනවා. විශේෂයෙන්ම රටේ දේශපාලන ගැටලු සම්බන්ධයෙන් ඔවුන් විසින් අදහස් පළ කරමින් සිටින බව අප දැක්කා. එක්සත් ජාතික පක්ෂයට අපේක්ෂකත්වය නම් කරන්න හැකි වෙලා නැති නමුත් විපක්ෂයෙන් අපේක්ෂකයන් දෙන්නෙක් මේ වනවිට නම්කර තිබෙනවා.
මේ වෙනකොට පොදුජන පෙරමුණ නමින් ජානධිපතිවරණයට පැමිණෙන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ඔහුගේ සහෝදරයා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම්කර තිබෙනවා. ඔහු මේ රටේ ජනතාව නොදන්නා කෙනෙක් නෙවෙයි. විශේෂයෙන් මෑතකදි අප්‍රේල් 21 වැනිදා ප්රනහාරය අවස්ථාවෙ ජනතාව විශාල කම්පනයකින්, වේදනාවකින් ඉන්න අවස්ථාවෙ ගෝඨාභය තමයි පළමුවැනි වතාවට ඒ වේදනාව තමන්ගෙ දේශපාලන ප්‍රතිරූපය වෙනුවෙන් පාවිච්චි කළේ. මේ සිදුවූ විනාශය නිසා කණගාටුවන ජනතාවට කම්පනයෙන් මිදෙන්න බැරිව සිටින ජනතාවට ඔහු කිව්වෙ මේ වගේ දෙයක් නොවෙන්න නම් මම වගේ කෙනෙක් නායකත්වයට එන්න ඕන. මම ඒකට සූදානම්ය කියලා. ගෝඨාභය රාජපක්ෂ දැන් ජාතික ආරක්ෂාව ගැන සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැනත් විවිධ ප්‍රකාශ කරනවා. අපි දන්නවා මහින්ද රාජපක්ෂ පාලන කාලයේ මොන විදියටද ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළේ ගෝඨාභය රාජපක්ෂ ඒකට දායක වුණේ කොහෙමද, ජාතික ආරක්ෂාව කියලා ගෝඨාභය කොහොමද වැඩ කළේ, විරුද්ධ මතධාරින් පැහැරගැනීම, මාධ්‍යවේදීන්, දේශපාලන ක්‍රියාකාරින්ට පහරදීම, පැහැරගෙන යාම, අතුරුදන් කිරීම සහ මරා දැමීම වැනි අත්දැකීම් අමතක නොවන තත්වයකදි ගෝඨාභය රාජපක්ෂලා මහින්ද රාජපක්ෂලා කියන ප්රීජාතන්ත්රඅවාදය, ජාතික ආරක්ෂාව මොකක්ද කියන එක මේ රටේ ජනතාව දන්නවා. මේ රටේ ජනතාවට දේශප්‍රේමය ගැන වැඩියෙන් කතාකරන අය දේශප්‍රේමින්ද කියලා ජනතාව තමන්ගෙ අත්දැකීම්වලින් වටහාගන්න ඕන කියලා අපි හිතනවා. විශේෂයෙන්ම මේ අය කියන දේශප්‍රේමය සිංහල ජනතාවගේ විමුක්තියක් වෙනුවෙන් නෙවෙයි. සිංහල බෞද්ධ ජනතාව අන්දලා, වසග කරගෙන තමන්ගේ පවුලේ බලය, දේශපාලන බලය ආරක්ෂා කරගන්න දරන උත්සාහයක් තිබෙන්නෙ. මේ අයගෙ දේශප්‍රේමය රෙදිද පල්ලෙන් බේරෙන තත්වයක් තියෙන්නෙ. ඔබ දන්නවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම්කරන්න කලින් ද්විත්ව පුරවැසියකු ලෙස ගැටලුවක් තිබුණා. ඔහුම කියන ආකාරයට මේ රටේ පුරවැසිකම ගන්න අමෙරිකානු පුරවැසිභාවය අත්හරින බවට ඉල්ලුම් කළේ  අ‍ප්‍රේල් 17 වැනිදා. ජනාධිපතිවරණය තරග කරන්න අයියගෙ අනුමැතිය ලැබුණට පස්සෙ තමයි අමෙරිකන් පුරවැසිකම ඉවත් කරගත්තෙ. අපි මේ පුරවැසිකම එක රටකට සීමාකරන එක ගැන නෙවෙයි මේ කියන්නෙ. අපි කැමතියි ජාත්‍යන්තර පුරවැසිකම තිබෙනවා නම්. පෙරටුගාමී සමාජවාදී පක්ෂය කියන්නෙ එක රටක පුරවැසිකම ගැන කතාවක් නෙවෙයි. කාටවත් පුරවැසිකම හෝ ජනාධිපති අපේක්ෂකත්වය දෙන්න එපා කියන්නත් නෙවෙයි. නමුත් මේ අය මේ දේශප්‍රේමින් හැටියට පෙනී ඉන්න ගමන් වෙන රටකින් පුරවැසිකම නැතිකරගන්න දක්වන අකැමැතිකම. පුවැසිභාවය ප්‍රශ්නය නිසා ඔවුන්ගෙ බොරු දේශප්‍රේමය, දේශපාලන ක්‍රියාමාර්ගවල වංචනිකභාවය මේ පෙන්නුම් කරන්නෙ. මේ අය පුරවැසිකම සමාන කරන්නෙ ජනාධිපති අපේක්ෂකත්වය සමගයි. මේ අයගෙ බොරු අධිරාජ්‍ය විරෝධය පාවිච්චි කරලා ජනතාව වසඟ කරලා අවසානයේ ජනතාවටම වින කරන ජාතිවාදී දේශපාලනයක් ඔවුන් අනුගමනය කරන්නෙ. ඒ සම්බන්ධව අපි ජනතාවට කරුණු හෙලි දරව් කරනවා.
පහුගිය අවුරුදු 4 1/2ක කාලය පුරාම මේ රටේ පැවතුණු රනිල්-මෛත්‍රී පාලනයත් ඉන්පසුව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ගෙන ගිය පාලනය සාධාරණිකකරණය කළ අපේක්ෂකයන් මේ ජනාධිපතිවරණයට පෙනී සිටින්න සූදානම් වෙනවා. එ.ජා.ප. අපේක්ෂකයා නම්කරලා නැති නමුත් ඔවුන් මේ ජනාදිපතිවරණයට එන්නෙ ඔවුන් ජනතාව වෙනුවෙන් කරපු දේවල් කිසිවක් නැතිව. අපි දන්නවා 2015 ජනවාරි ජනාධිපතිවරණයෙදිත්, අගෝස්තු මහමැතිවරණයෙදිත් ඔවුන් රාජපක්ෂ පාලනයේ වැරදි මහ සද්දෙන් විවේචනය කළා. ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, නීතියේ ආධිපත්‍ය ගෙන එන බව කිව්වා. රාජපක්ෂ පාලනයේ වංචා දූෂණ සහ අපරාධ සියල්ල හෙළිදරව් කරමින් වැරදිකරුවන්ට දඬුවම් දෙන බව පොරොන්දු වෙලා මේ අය බලය ලබා ගත්තෙ. නමුත් මහ දවාලෙ මේ රටේ මහ බැංකුව කොල්ල කෑවා. ඒකට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා, ඇමතිවරු සම්බන්ධ බව ප්‍රසිද්ධ කාරණයක්. ඔවුන්ගෙ වංචා දූෂණ ඇල්ලීම එහෙමයි. මාධ්යවවලින් ඔවුන් ලොකු ලොකු දේවල් කළ බවට ප්‍රකාශ නිකුත් කරනවා. අපිට පෙනෙන විදියට ඔවුන් කතා වෙලා තියෙනවා අපි මොකුත් කළේ නැති වුණාට කළා වගේ කතා කරමු. ගොබෙල්ස් න්‍යාය වගේ ඕනැම බොරුවක් නැවත නැවත කිව්වම ජනතාව ඇත්ත ලෙස පිළිගනී කියලා ඔවුන් හිතනවා. ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කළ කතාවත් ඒ වගේමයි. පහුගිය කාලෙ ඇගිලි සලකුණු නීති අරගෙන ඇවිත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කරලා, උද්ඝෝෂණවලට පහරදීලා ඔවුන් ගොඩනගපු ප්‍රජාතන්ත්‍රවාදය ගැන ජනතාවට අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මේ වනවිට ප්‍රති-ත්‍රස්ත පනත ගෙනල්ලා මේ රටේ ජනතාවගේ අවම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උදුරාගන් ඔවුන් සූදානම් වෙන්නෙ. ලෝකයේ බලවත් අධිරාජ්‍යවාදී ආර්ථික සැලසුම්වලට යට වෙලා එක් පැත්තකින් එක්සත් ජනපදයෙන් කරන බලපෑම් සහ අනෙක් පැත්තෙන් චීනයේ බලපෑම්වලට අනුව ඔවුන් ආර්ථිකය හසුරුවමින් සිටිනවා. මේ සියල්ලම මැද්දෙ මේ අය නැවත ජනාධිපතිවරණයට ඇවිත් ජනතාවගේ කැමැත්තත් ඉල්ලනවා.
මේ අය ජනාධිපතිවරණයෙදි ගෙන එන්නෙ ආපහු අර අවුරුදු තිහ හතළිහක් මේ රට ආර්ථික අර්බුදයකට ඇද දමා, ජනතාවගේ ජීවිත පීඩාවට පත් කළ ආර්ථික විසදුම් ගැන කතාවමයි. මේ අය කියන්නෙ වංචා දූෂණ නැතිකරලා රට ගොඩ නගන්න තමන්ට පුලුවන් කියන පරණ දේශනාවමයි. නමුත් අපි කියන්නෙ මේ පරණ දේශපාලන කතාව, මේ අයගේ බොරුවට රැවටිලා ගිය ගමන නතර කරමු කියලයි. අවුරුදු 70ක් තිස්සෙ ප්‍රජාතන්ත්‍රවාදය කියමින් මේ අය මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උදුරාගත්තා. මර්දනයෙන් බලහත්කාරයෙන් ජනතාවගේ සම්පත් කොල්ල කෑවා. අධිරාජ්‍යවාදී සමාගම්වලට ලාභ උපදවන්න පාර කැපුවා. රටේ ජනතාව ආර්ථික වශයෙන් විශාල අගාධයක සහ ණය උගුලක හිර කළා. දැන් මේ ක්රඋමයටම සුදුහුණු ගාලා පැළැස්තර අලවලා ලස්සනට ආලෝකකරණය කරලා මේකම ඉදිරියට ගෙනයන්නත් සමහරු කතා කරනවා. අපි ජනතාවට කියන්නෙ මේ දක්වා බැට කෑව, මේ දක්වා රැවටුණු ක්‍රමය වෙනස් කරමු. මේ ධනවාදී ආර්ථිකයෙන් වෙන් වෙලා සමාජවාදී විසඳුමක් ඇත්ත විකල්පයක් දෙසට හැරෙමු කියලයි. ඒ ඇත්ත විසඳුම සමාජවාදයයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස අපි ජනතාව සමග මේ ජනාධිපතිවරණයෙදි කතා කරන්න සූදානම් වෙන්නෙ ඇත්ත විකල්පයක් ගැන, ඇත්ත ජනතා බලයක් ගෙන එන ඇත්ත විසඳුම් සහිත වැඩපිළිවෙළක් සමගයි.
මේ රටේ ජනතාවට විවිධ බොරු මවා පෑව බොරුකාර දේශපාලනය වෙනුවට ඇත්ත දේශපාලන විකල්පයක්, ඇත්ත ආර්ථික විසඳුම් සහිත ඉදිරිගමනක් වෙනුවෙන් අපි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. අපේ පක්සයේ අපේක්ෂකයා අපි සැප්තැම්බර් පළමුවැනි සතියෙ ජනතාවට හඳුන්වා දෙන්න අපි කටයුතු සූදානම් කරමින් ඉන්නවා.
අපේ විකල්පය වෙන්නෙ මේ රටේ ජනතාවගේ ජීවිත අඳුරට ඇද දමන පටු භේද වෙනුවට සිංහල, තමිල්, මුස්ලිම් ආදි සියලුම ජනතාවගේ සැබෑ සමගියක් ඇතිකරන ඔවුන්ගේ ඇත්ත මතය සමග දේශපාලන බලයක් ගොඩ නගන්න, ඇත්ත ජනතා කැමැත්ත අනුව වැඩකරන දේශපාලන බලයක්. ඒක වමේ දේශපාලන වැඩපිළිවෙළක් ලෙස ගෙන එමින් ඒ දේශපාලන විකල්පයේ ප්‍රකාශකයා, නියෝජිතයා ලෙස අපේ පක්ෂයේ අපේක්ෂකයා ජනතාව අතරට කැදවන්න අපි කටයුතු කරනවා. ඒක පුද්ගල විකල්පයක් නෙවෙයි, ජනතාවගේ අයිතිවාසිකම්, ආර්ථික සමානාත්මතාව, මානව නිදහස, සහෝදරත්වය ආරක්ෂා කරන සමාජවාදී වැඩපිළිවෙළක් සමග බැඳුණ අපේක්ෂකයෙක් ලෙස අපි ජනාධිපතිවරණයට ජනතාව සමග දේශපාලන සංවාදයක් ගොඩනැගීමේ අරමුණක්. ජනතාව අපේක්ෂා කරන ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක්, මානව අයිතිවාසිකම්, නිෂ්පාදන ආර්ථිකයක් සහිත වැඩපිළිවෙළක් අපි ජනතාව සමග සාකච්ඡා කරමින් මේ සමාජවාදී විකල්පය මොකක්ද කියන දැනුවත් කිරීම කරමින් අපි ජනාධිපතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.“