தமிழ்
English
Contact
Sunday 23rd February 2020    
සමාජ ජාල සහ අන්තර්ජාල ප්‍රචාර පාලනය හා නියාමනයට නව පනතක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සමාජ ජාල සහ අන්තර්ජාල ප්‍රචාර පාලනය හා නියාමනයට නව පනතක්!



ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන නැගී එන සයිබර් අපරාධ සෙවීම සඳහා නව නීතිමය රාමුවක් සකස් කිරීමට ආරක්ෂක අමාත්‍යංශයේ අවධානය යොමුකර ඇත.

ජාතික සයිබර් ආරක්ෂක උපායමාර්ගය ලෙස හඳුන්වා දෙනු ලබන ක්‍රියාන්විතයක් වෙනුවෙන් යෝජිත ‘සයිබර් ආරක්ෂණ පනත’ හැකි ඉක්මනින් කෙටුම්පත්කර අවසන් කරන ලෙස ආරක්ෂක අමාත්‍යංශ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ශ්‍රී ලංකා පරිගණක හදිසි සූදානම කණ්ඩායමේ (SLCERT) නිලධාරීන්ට උපදෙස් දී තිබේ. එමගින් සයිබර් ආරක්ෂණ තර්ජන හා සිදුවීම් කාර්යක්ෂම ලෙස වැළැක්වීම සහ කළමනාකරණය කිරීම මෙන්ම තීරණාත්මක තොරතුරු ආරක්ෂා කිරීම සඳහා පුළුල් රාමුවක් ස්ථාපිත කරනු ඇති.

ජනවාරි 22 බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේ පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර දැක්වීමේ සංසදයේ (SLCERT) නිලධාරීන් පැවසුවේ අවසාන නීතිමය පැහැදිලි කිරීම් සඳහා කෙටුම්පත නීති කෙටුම්පත්කරුට භාර දුන් බවයි.

මේවාට ක්‍රෙඩිට් කාඩ් වංචාවන්, පළිගැනීම්, අනවශ්‍යය දර්ශන, දේපළවලට එරෙහි අපරාධ, අනවසරයෙන් පරිගණක වලට ඇතුළුවීම සහ බුද්ධිමය දේපල සොරකම් කිරීම ඇතුලත්ය. ඊට අමතරව වෙබ් අඩවි තුලට අනවසරයෙන් ඇතුළුවීම, අනවසර තොරතුරු සැකසීම සහ වෙනත් සංවිධානවලට එරෙහිව සයිබර් අපරාධ, සංවේදී මූල්‍ය දත්ත වලට අනවසරයෙන් ඇතුළු වීම වැනි රජයට සහ වෙනත් සංවිධානවලට එරෙහි සයිබර් අපරාධ ඇතුළත් වේ.

සමාජ මාධ්‍ය ජාල භාවිතා කරමින් වෛරී අදහස් ව්‍යාප්ත කිරීම වැළැක්වීම සඳහා නව යාන්ත්‍රණය හඳුන්වා දීමේ වැදගත්කම මේජර් ජෙනරාල්වරයා විසින් මෙහිදී අවධාරණය කර තිබෙනවා. ආරක්ෂක අමාත්‍යාංශයේ විෂය පථය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර දැක්වීමේ සංසදය (SLCERT) සයිබර් ආරක්ෂාව සම්බන්ධ ගැටළු සඳහා ජාතික මට්ටමේ කේන්ද්‍ර ස්ථානයක් ලෙස ක්‍රියා කරන ආයතනයකි.

නව යාන්ත්‍රණය යටතේ “ඩිජිටල් යටිතල පහසුකම් ආරක්ෂණ ඒජන්සිය” (DIPA) රටේ සියලුම සයිබර් ආරක්ෂාව සම්බන්ධ කටයුතු සඳහා ඉහළම ආයතනය ලෙස පිහිටුවනු ඇත. ඉන්පසුව එම ආයතනයට ‘ජාතික තොරතුරු හා සයිබර් ආරක්ෂණ උපායමාර්ගය’ ක්‍රියාත්මක කිරීමට නියම කෙරෙනු ඇත.