Posted on 11.24.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින යුරේකා ද සිල්වා අත්අඩංගුවට ගැනීම සඳහා නියෝගයක් නිකුත් කර ඇති බවට ‘ඒෂියන්මිරර්’ වෙබ් අඩවිය වාර්තා කරයි.
දැනට ඕස්ට්‍රේලියාවේ වාසයකරන සිරස ටීවී ආයතනයේ සේවය කළ මාධ්‍යවේදිනියක් වන ඇය විසින් කොරෝනා වසංගතය පාලනය කර ගැනීමට නොහැකි තත්වය නිසා හඳුනා නොගත් ආසාදිත රෝගීන් මහ මඟ මිය යන බවත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කිරීම ඇයට එල්ලව තිබෙන චෝදනාවක් බවද එම වෙබ් අඩවියේ සඳහන් වේ.
වැඩිදුරටත් එම වෙබ් අඩවියේ මෙසේ සඳහන්කර ඇත.
“පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටියේ යුරේකා ද සිල්වා සම්බන්ධයෙන් මේ වන විට පරික්ෂණයක් ආරම්භ කර ඇති බවයි.
යුරේකා ද සිල්වා සිරස මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදිනියක් ලෙස කටයුතු කර ඇති අතර එම මාධ්‍ය ජාලයේ නම හෙළි නොකළ පුද්ගලයෙකු ඒෂියන් මිරර් වෙත පවසා සිටියේ ඇය තවදුරටත් සිරස මාධ්‍ය ජාලය සමඟ සම්බන්ධතාවයක් නැති බවත්, ඇය සිය සැමියා සමඟ කාලයකට පෙර ඕස්ට්‍රේලියාවේ පදිංචිය සඳහා ගිය බවයි.
ජපානයේ සිටින ශ්‍රී ලාංකිකයෙකු ද මෙලෙස අසත්‍ය පුවත් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හරිමින් සිටින බවත් එම පුද්ගලයා සම්බන්ධයෙන් ද ආගමන විගමන කටයුතු දෙපාර්තුමේන්තුව සමඟ එක්ව පරික්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම පුද්ගලයාද ශ්‍රී ලංකාවට පැමිණ විගස අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි.
මෙම අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලියන් 27 දෙනෙකු ගැන පොලිස් පරික්ෂණ ආරම්භ කර ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.”