தமிழ்
English
Contact
Wednesday 12th August 2020    
සමාන්‍ය තත්වය වෙනුුුුුුවෙන් අසාමාන්‍ය තත්වයක් - ජනතාවගෙන් චෝදනා! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සමාන්‍ය තත්වය වෙනුුුුුුවෙන් අසාමාන්‍ය තත්වයක් – ජනතාවගෙන් චෝදනා!



ආණ්ඩුව විසින් රට යථා තත්වයට පත්කිරීමේදී ඒදිනෙදා සේවයට යන ජනයා වෙනුවෙන් ප්‍රමාණවත් අවධානයක් යොමුකර නොමැති බවට සේවයට ගොස් දුෂ්කරතාවට පත් වූ ජනයා චෝදනා කරති.
නාගරික බස් නැවතුම්වලින් මගීන් ඇතුලු කිරීමේදී පූර්ව අවසරයක් අවශ්‍ය වුවද ඒම අවසරයට අනුව, ගමනාගමනයට අවශ්‍ය බස්රථ සපයා නැතිවීඹ නිසා විශාල පිරිසක් මහමග රස්තියාදුවන බවද සේවයට පැමිණීයද ආපසු නිවස කරා යාමට ඇතැම් විට කුලී රථ පාවිච්චි කිරීමට සිදුවී ඇති බවද ඔවුහු පවසති.
මේ සම්බන්ධ සිදුවීම් කිහිපයක් ඊයේ සහ අද දිනයේ වාර්තා විය. බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට දුම්රියෙන් ගමන් කිරීමට පැමිණි ජනතාවගෙන් පිරිසක් ආපසු හරවා යැවීමට දුම්රිය ස්ථාන කාර්ය මණ්ඩලයට සිදුව තබිනි. ඒසේ හරවා යවන ලද්දේ කලින් ආසන වෙන් කරවානොගත් මගීන්ය.
අද දින සිට දුම්රියේ මුළු ආසන ගණනට සමාන පිරිසකට දුම්රියෙහි ගමන් කිරීමට අවසර ලබා දෙන බව පැවසීම හේතුවෙන් පැමිණ සිටි මේ පිරිස අතුරින් දුම්රියට ඇතුලුවීමේ අවසරය හිමිවූයේ සිව්දෙනකුට පමනක් බව වාර්තා විය. ඊට අමතරව පැමිණීමේ පිළිවෙල සහ අවශ්‍යතාව අනුව දුම්රියෙන් යාමට අවසර හිමිවූයේ තවත් මගීන් හත් දෙනකුට පමණකි. දැනුම්දීම අනුව, ආසන
කලින් වෙන්කරවානොගත් මගීන්ට දුම්රියෙන් යාමට අවස්ථාව ලබා නොදීම හේතුවෙන් ඔවුන්ට නැවත නිවෙස්බලා යාමට සිදුව ඇතත් දුම්රිය මැදිරි හිස්ව ගමන්ගත් බවට ඔවුහු චෝදනා කළහ.
මේ හා සමාන ලෙස බස්නාහිර පලාතේ දුම්රිය ස්ථාන කිහිපයක මගීන් දුෂ්කරතාවට පත්ව නැවත නිවෙස් කරා යාම සම්බන්ධ තොරතුරු ලැබෙමින් තිබේ.
තවද රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වෙත යාම ඒම සඳහා දුම්රියයන්ගෙන් ගමන් පහසුකම් ඇතත් දුම්රිය ස්ථානයන්ට පැමිණීමට සහ ආපසු නිවෙස් කරා යාමේ දුෂ්කරතාවක් පවතින බව සේවක සේවිකාවෝ පවසති. මෙම අපහසුතාවය මත අධික වියදම් දරා කුලී රථ යොදා ගැනීමට සිදුව ඇත.
මීට විසදුමක් ලෙස දුම්රිය ස්ථානයන්ට පැමිණීමට සහ ආපසු නිවෙස් කරා යාම පිනිස පොදු ප්‍රවාහන සේවාවන් විධිමත් සැලසුමකට අනුව, ක්‍රියාත්මක විය යුතු බව ඔවුහු පෙන්වා දෙති.
ඊයේ මාධය හමුවක් පවත්වමින් ප‍්‍රවාහන සේවා කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති ඇමති මහින්ද අමරවීර කළ ප්‍රකාශය අනුව, අදවන විට සේවයට යන ජනයාට මෙන්ම අවශ්‍යතාවන් වෙනුවෙන් ගමන් බිමන්වල යෙදෙන ජනයාට ලැබිය යුතු පහසුකම් හිමිව නොතිබීම අවධානයට ලක් විය යුතු කරුණකි.
ඔහු නිශ්චිත ලෙස පැවසුවේ ඇඳිරි නීතිය තවමත් ක‍්‍රියාත්මක කොළඹ සහ ගම්පහ දිස්ත‍්‍රික්ක හැර සෙසු දිස්ත‍්‍රික්කවල ධාවනය කෙරෙන දුම්රිය හා බස් රථ වල ආසන ගණනට මගීන් ප‍්‍රවාහණය කිරීම සදහා අද සිට අවසර ලබාදෙන බවය. ඒසේම දුම්රියවල ගමන් කරන මගීන් වෙනුවෙන් ප‍්‍රවේශපත‍්‍ර හා වාර ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් කිරීම ද ආරම්භ කරන බවකි. මෙම මාධ්‍ය හමුවල ප්‍රකාශ කරන දේ හා ඇත්ත වහයෙන්ම සිදුවන දේ ජනතාවට මහත් පීඩාකාරී ලෙස බලපෑම කොරෝනා වසංගතය මුවේ තදින්ම දැනෙන ප්‍රශ්න බව ජනතාව ප්‍රකාශ කරති. ඇතැම් අවස්ථාවල මගී ජනතාව ප්‍රවාහන සේවකයන් සමග ආරවුල් ඇති කර ගත්තද මෙම කටයුතු සැලසුම්කර අවශ්‍ය ක්‍රියාමාර්ග නොගන්නා දේශපාලන නායකත්වය ඇඟ බේරාගන්නා තත්වයක් ඇත.