தமிழ்
English
Contact
Tuesday 23rd October 2018    
සයිටම් සිසුන් 81ට කොතලාවල ලියාපදිංචිය ඔක්තෝබර් 31 දක්වා පමණයි - විජේදාස රාජපක්ෂ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සයිටම් සිසුන් 81ට කොතලාවල ලියාපදිංචිය ඔක්තෝබර් 31 දක්වා පමණයි – විජේදාස රාජපක්ෂ



සයිටම් ආයතනයේ පාඨමාලාව සම්පූර්ණ කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කොතලාවල ආරක්ෂක පීඨයේ ලියාපදිංචි කිරීමට ඔක්තෝබර් 31 දක්වා කල් ලබා දෙන බව උසස් අධ්‍යාපන ඇමති විජේදාස රාජපක්ෂ පවසයි.

සයිටම් ආයතනයේ වෛද්‍ය පාඨමාලාව සම්පූර්ණ කළද එහි වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධ නෛතික ගැටලු නිසා වෛද්‍යවරු ලෙස ලියාපදිංචි කරගැනීමට වෛද්‍ය සභාවේ විරෝධයක් පළ විය. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝග අනුව වෛද්‍ය සභාවට ඔවුන් ලියාපදිංචි කරන්නට සිදුව ඇත. ඒ අනුව, සයිටම් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කොතලාවල වෛද්‍ය පීඨයේ උපාධි අපේක්ෂකයන් ලෙස ලියාපදිංචි වී සීමාවාසික පුහුණුව ලබාගන්නට ආණ්ඩුවේ මැදිහත්වීමෙන් අවස්ථාව ලැබිණි. කෙසේවෙතත් කොතලාවල පීඨයේ ලියාපදිංචිවීමට සයිටම් ශිෂ්‍යයකු රු. ලක්ෂ 13ක් ගෙවිය යුතු බවද ප්‍රකාශ කෙරිණි. සයිටම් ආයතනයට ලක්ෂ 96ක් ගෙවා ඇති තත්වයක් තුළ තවදුරටත් මුදල් වෙිය නොහැකි බව ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ප්‍රකාශ කළහ.

සයිටම් ආයතනය අහෝසි කිරීමට ශිෂ්‍ය ව්‍යාපාරය නායකත්වයෙන් බිහිකළ විරෝධතා ව්‍යාපාරයේ යෝජනාව වූයේ සුදුසුකම් ඇති සයිටම් ශිෂ්‍ය ශිෂයාවන් රජයේ වෛද්‍ය පීඨවල පාඨමාලාවලට ඇතුළත් කිරීමෙන් ඔවුන්ගේ ගැටලුව විසදිය හැකි බවය. එහෙත් ආණ්ඩුව ඒ විසදුම සැළකිල්ලට නොගෙන වෛද්‍ය අධ්‍යාපනය මුදලට ලබා දෙන ආයතනවලට පක්ෂපාත පිලිවෙතක් අනුගමනය කරයි. සයිටම් ආයතනයට ගෙවු මුදලට අමතරව කොතලාවල ආයතනයටද ලක්ෂ 13ක් ගෙවීමට සිදුවීමෙන් සහ ඒ සදහා කාලසීමාවක් නියම කිරීමෙන් ගැටලුව තවත් සංකීර්ණ වී ඇත. මේ තත්වය යටතේ මෙම ගැටලුව තවදුරටත් ශිෂ්‍ය ශිෂායවන්ට පීඩාවක් බවට පත්ව ඇත.




Related News