Posted on 12.23.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය විෂය නිර්දේශ දෙකක් යටතේ පැවැත්වීම නිසා ලැබූ උසස් සාමාර්ථ අනුව, සාධාරණ අවස්ථා ලබා දෙන ලෙස ඉල්ලාසිසුන් හතළිස් දෙදෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකළ මූළික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන ඉවත දැමීමට තීන්දුකර ඇත.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු අනුව විශ්වවිද්‍යාල ඉන්ජිනේරු සහ භෞතික විද්‍යාපීඨ සඳහා සිසුන් ඇතුළත් කරගැනීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් ශිෂ්‍යයන් විසින් ඉල්ලා තිබිණි. ඔවුන් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු තීන්දු කළේය.
බුවනෙක අළුවිහාරේ, එස්. තුරයිරාජා සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් පිළිබඳව සලකා බැලීම දින තුනක් පුරා සිදුකෙරුණි.