தமிழ்
English
Contact
Tuesday 15th October 2019    
සහරාන් කල්ලිය ඇල්ලුවත් තනි පුද්ගල ප්‍රහාර කරන්න පුළුවන් - රවී විජේවර්ධන | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සහරාන් කල්ලිය ඇල්ලුවත් තනි පුද්ගල ප්‍රහාර කරන්න පුළුවන් – රවී විජේවර්ධන



පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ සහරාන් ඇතුළු කණ්ඩායමේ ඉතිරි සාමාජිකයන් සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඇති නමුත් යුරෝපයේ මෙන් තනි පුද්ගල ප්‍රහාර ඉඩ නැතැයි කිව නොහැකි බව ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන පවසයි.

මෙය LTTE සංවිධානය වැනි දෙයක් නොවන බවත් ආගම මුල් කරගනිමින් කරන ත්‍රස්තවාදයක් බැවින් තනි පුද්ගලයෙකුට ඕනෑම දෙයක් කළ හැකි බව ඔහු පවසා තිබේ.

කොළඹ හිල්ටන් හෝටලයේ පැවති ආසියානු වෙරළ ආරක්ෂක ප්‍රධානීන්ගේ සමුළුව අවසානයේදී ඔහු මේ බව පවසා ඇත.

” තනි තනි පුද්ගලයන් ප්‍රහාරයන් එල්ල කරන්න පුළුවන්. එවැනි ප්‍රහාර අපි යුරෝපයේ දැක්කා. ඒ නිසා අවදානම තියෙනවා,. එවැනි දේවල් වළක්වා ඇතැයි අපට කියන්න බැහැ. එහෙම වුනත් අපි ආරක්ෂාව තහවුරු කරලා තියෙන්නෙ”

එසේම කටකතාවලට නොරැවටෙන ලෙසත් පොලිසිය, ආරක්ෂක අමාත්‍යංශය කරන ප්‍රකාශ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා ඉල්ලීමක් කර ඇත.