தமிழ்
English
Contact
Friday 22nd November 2019    
සහරාන් සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට එල්ලවන චෝදනා හකීම් ප්‍රතික්ෂේප කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සහරාන් සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට එල්ලවන චෝදනා හකීම් ප්‍රතික්ෂේප කරයි



තමන් සහරාන් හෂීම් සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට නව මහජන සේවා සංවිධානයේ සභාපති රිෂාන් මහරුෆ් සාවද්‍ය චෝදනා කරන්නේ හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. එම්. හිස්බුල්ලාගේ අනුදැනුම හා සහාය මත යයි මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් පවසයි.

කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් රාවුෆ් හකීම් පවසා ඇත්තේ එම්. එල්. එම්. හිස්බුල්ලා දේශපාලන වාසි අපේක්ෂාවෙන් තම පාර්ශවයට සහාය පළකරන අපේක්ෂකයා පරාජය කිරීම පිණිස මෙම අසත්‍ය චෝදනා මහරුෆ් හරහා එල්ල කරන බවයි.

මෙම චෝදනා සම්බන්ධයෙන් තමන් මැතිවරණ කොමිසමට සහ පොලිසියට පැමිණිලි කරන බවත් රාවුෆ් හකීම් පවසයි.

එසේම මෙම රිෂාන් මහරුෆ් නැමැත්තා මෙම පුවත හෙළි නොකිරීම සඳහා තමන්ගෙන් මුදල් ඉල්ලූ බවද රාවුෆ් හකීම් ඇමතිවරයා වැඩිදුරත් පවසා ඇත.