தமிழ்
English
Contact
Sunday 31st May 2020    
සහල් මාෆියාව දිගටම වැඩ - ආනයනයට සීමා පනවයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සහල් මාෆියාව දිගටම වැඩ – ආනයනයට සීමා පනවයි!



සහල් ව්‍යාපාරික ආධිපත්‍ය සම්බන්ධ කිසිදු පියවරක් ගැනීමට අසමත් වුවද ආණ්ඩුව විසින් සහල් ආනයන කිරීමේ තීන්දුවක් ගෙන ඇත.

ජනාධිපති ලේකම්වරයා කැබිනට් මණ්ඩලය වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන්කර ඇත්තේ වෙළෙඳපොළේ සහල් මිල ඉහළ ගොස් ඇති නමුත් සහල් ආනයනය නොකිරීම නිසා ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක පමණ විදේශ විනිමය ඉතිරි කර ගැනීමට හැකි වූ බවය. මෙවර මහ කන්නයේ වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති අතර, එමගින් වී මෙට්‍රික් ටොන් ලක්ෂ 30ක පමණ අස්වැන්නක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද එම වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

වී කිලෝවක් සඳහා රුපියල් 50ක සහතික මිලක් ලබාදීමට රජය තීරණය කර ඇති අතර වී මිලදී ගැනීම සඳහා ද තවමත් විධිමත් වැඩපිළිවෙළක් සකස් කර නොමැති බව ගොවි ජනයා පැමිණිලි කරති.