தமிழ்
English
Contact
Wednesday 20th October 2021    
සහල් සහ සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සහල් සහ සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි



සහල් සහ සීනී සඳහා උපරිම සිල්ලර මිල නියමකරමින් පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක විසින් අද (02) සිට බලැපැත්වෙන පරිදි ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත.

ඒ අතරින් සීනි සම්බන්ධයෙන් නිකුත්කර ඇති ගැසට් නිවේදනයට අනුව සුදු සීනි කිලෝවක උපරිම තොග මිල නියමකර ඇත්තේ රුපියල් 116 ක් ලෙසිණි. එහි උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 122ක් වේ.

එසේම පැකට් කළ සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල නියම කර ඇත්තේ රුපියල් 125 ක් ලෙසිණි.

දුඹුරු හෝ රතු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල එම ගැසට් නිවේදනයට අනුව රුපියල් 125ක් වන අතර පැකට් කළ දුඹුරු හෝ රතු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 128 කි.

සහල් සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව කීරි සම්බා කිලෝවක් සදහා රුපියල් 125 ක්, සුදු හා රතු කැකුළු කිලෝවක් සඳහා රුපියල් 95 ක්, සුදු හා රතු නාඩු කිලෝවක් සඳහා රුපියල් 98 ක්, සුදු හා රතු කැකුළු සම්බා කිලෝවක් සඳහා රුපියල් 103ක් ද වශයෙන් උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.

ආණ්ඩුව විසින් මීට පෙර සීනි සහ හාල් සඳහා පාලන මිල නියම කරන ලද අතර ඒ කිසිදු අවස්ථාවක වෙළඳ පොළ තුළ එම මිල ගණන්වලට එම භාණ්ඩ දක්නට නොලැබුණි. විශේෂයෙන් සීනි සඳහා මීට පෙර රුපියල් 85ක පාලන මිලක් නියම කරනු ලැබුවේ සීනි ආනයනය කරන සමාගම් සඳහා විශාල බදු සහනයක් ද ලබාදෙමිනි. නමුත් රජයට විශාල වශයෙන් පාඩු සිදුවූවා මිස එම බදු අඩුකිරීමේ වාසිය ජනතාවට නොලැබුණි.