தமிழ்
English
Contact
Tuesday 15th October 2019    
සහෘද සංවාදයක් කරමු! - පුබුදු ජයගොඩ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සහෘද සංවාදයක් කරමු! – පුබුදු ජයගොඩ



සාහිත්‍ය කලාව පිළිබද සිදුවෙමින් තිබෙන පිටකැසීමේ ඇගයීම හෝ ගර්හාවට ලක්කර බැහැර කිරීමට වඩා කෘතීන් පිළිබද හරවත් සහෘද සංවාදයක් සිදුකළ යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ප්‍රකාශ කළේය.

සාගර සිරිසූරියගේ ‘වියරු වසන්තය‘ නවකතාව ජනගත කිරීමේ අවස්ථාවේ ප්‍රධාන දේශණය කරමින් කළ අදහස් දැක්වීමේදී ඔහු මෙම අදහස් පළ කළේය.

මාතලේ ජීවත්වන රාජ්‍ය සේවකයකු වන සාගර සිරිසූරිය වසින් සිය පළමුවැනි නවකතාව ලෙස ලියූ ‘වියරු වසන්තය‘ ජනගත කිරීම ජූනි 26 වැනිදා මාතලේ හෝටල් පුහුණු ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.