தமிழ்
English
Contact
Friday 14th August 2020    
සාමකාමී විරෝධතාවකදී සිදුකළ පහරදීම් හා අත්අඩංගුවට ගැනීම පෙ.ස.ප. හෙළා දකී! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සාමකාමී විරෝධතාවකදී සිදුකළ පහරදීම් හා අත්අඩංගුවට ගැනීම පෙ.ස.ප. හෙළා දකී!



සාමකාමී විරෝධතාවකට පහරදීම හා අත්අඩංගුවට ගැනීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

ඇමෙරිකා ඒක්සත් ජනපද පොලිසිය විසින් ජෝර්ජ් ෆ්ලොයිඩ් මරා දැමීමට එරෙහිව ලොව පුරා උද්ඝෝෂණවලට සහය දැක්වීමක් ලෙස අද (09) දින පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වූ උද්ඝෝෂණයේදී පොලිසිය ක්‍රියාත්මක වූ මර්දනකාරී තත්වය සම්බන්ධ පෙ.ස.ප. විටෙශ්ෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන ලදී.

සාමකාමී උද්ඝෝෂණයට පොලිසිය විසින් අධිකරණ වාරණ ගැනීමත් විරෝධතාවක් නැතිව පෙ.ස.ප. හා වෙනත් දේශපාලන ක්‍රියාකාරින් අත්අඩංගුවට ගැනීමත්හා ඉන් අනතුරුව ලිප්ටන් වටරවුමේදී සිදුකළ උද්ඝෝෂණයට එල්ල කළ ම්ලේච්ඡ පොලිස් ප්‍රහාරය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා පැවති එම මාධය සාකච්ඡාවේදී පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අදහස් දක්වන ලදී . එම අදහස්වලට සවන්දීමට පහත හඬපටයට සවන් දෙන්න.

Pububu Jayagoda – FLSP Media Conference 9th June 2020

මෙම මාධ්‍ය සාකච්ඡාවේ අදහස් දැක්වීම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ විසින් සිදුකළ අතර මේ සඳහා පක්ෂයේ සංවිධායක ලේකම් සේනාධීර ගුණතිලක, හේමමාලි අබේරත්න හා සංජීව බණ්ඩාර යන මධ්‍යම කාරක සභිකයන්ද සහභාගි වූහ.