தமிழ்
English
Contact
Tuesday 14th July 2020    
සාමකාමී විරෝධතාවට පහරදී අත්අඩංගුවට ගැනීම - පෙ.ස.ප. මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සාමකාමී විරෝධතාවට පහරදී අත්අඩංගුවට ගැනීම – පෙ.ස.ප. මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරයි



පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කළ උද්ඝෝෂණයට එල්ල කරන ලද ම්ලේච්ඡ ‌පොලිස් ප්‍රහාරයට හා අත්අඩංගුවට ගැනීම්වලට එරෙහිව මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි කිරීම අද (12) සිදු විය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ඇතුළු සාමාජිකයන් පිරිසක් ඒ් සඳහා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණියහ. වසංගත තත්ත්වය හේතුවෙන් පැමිණිලි භාර ගනු ලබන්නේ විද්‍යුත් හා දුරකතන මාර්ග ඔස්සේ පමණක් බව මානව හිමිකම් කොමිෂන් සභාවේ ආරක්ෂක නිලධාරියෙකු දැනුම් දෙන ලදී. ඒ් අනුව, පැමිණිල්ල විද්‍යුත් මාර්ගයෙන් සිදුකරන ලදී.