தமிழ்
English
Contact
Sunday 23rd February 2020    
සාමය ඉල්ලන හැමදෙනා වැළඳගන්න අපි සූදානම්! - ට්‍රම්ප් ඉරාන ජනතාවට කියයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සාමය ඉල්ලන හැමදෙනා වැළඳගන්න අපි සූදානම්! – ට්‍රම්ප් ඉරාන ජනතාවට කියයි



ඉරාන මිසයිල ප්‍රහාරවලින් පසුව එක්සත් ජනපද ජනාධිපතිවරයා සිදුකළ විශේෂ ප්‍රකාශය අවසන් කරමින් පවසා තිබුණේ සාමය ඉල්ලන ඕනෑම කෙනෙක් වැළඳගන්නට අමෙරිකාව සූදානම් බවයි.

ඉරානයට පාඩමක් ඉගැන්වීම තමන්ට අවශ්‍යව තිබුණු බව පැවසූ එක්සත් ජනපද ජනාධිපතිවරයා ඝාතනයට ලක් වූ ඉරානයේ ජනරාල්වරයා ප්‍රහාර මාලාවක් සැලසුම් කළ බවද ඔහු ජිවත්ව සිටියා නම් එම ප්‍රහාරයන් සිදුවන්නට ඉඩ තිබුනු බවත් පවසා ඇත. ප්‍රතිප්‍රහාර ලෙස එල්ල වූ මිසයිල විසින් කිසිදු අමෙරිකානුවකු හෝ ඉරාක වැසියකු හානියට පත් නොවූ බවද අවධාරනය කලේය. එහෙත් ඉරාන පුවත් සේවා පවසන්නේ එක්සත් ජනපද සෙබලුන් 80ක් පමණ මියගොස් ඇති බවයි.