தமிழ்
English
Contact
Monday 26th October 2020    
සැකකරුවකු ලෙස නම්කර නැතත් වංචා චෝදනා එල්ල කලේ දේශපාලන පලිගැනීමට! - උදයංග වීරතුංග | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සැකකරුවකු ලෙස නම්කර නැතත් වංචා චෝදනා එල්ල කලේ දේශපාලන පලිගැනීමට! – උදයංග වීරතුංග



කිසිදු අයථා ගනුදෙනුවක් සම්බන්ධ තමන් වෙත චෝදනා කළ හැකි කරුනු සනාථව නැති බව හිටපු රුසියානු තානාපති, උදයංග වීරතුංග ප්‍රකාශ කරයි.

මිග් යානා ගනුදෙනුව හරහා කිසිදු අයථා මුදලක් තමන් උපයාගෙන ඇතැයි තහවුරු වී නොමැති බව හිටපු රුසියානු තානාපතිවරයා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ කරුණු දක්වමින් ඊයේ (05) සඳහන් කළේය.

එම හේතුව නිසා තමන්ට මිග්යානා ගනුදෙනුව හරහා අධික වංචාවක් සිදුකර මුදල් ඉපයීම සම්බන්ධයෙන් දක්වන්නේ දේශපාලන පළිගැනීමක් මත සිදුකරන චෝදනාවක් බව ඔහු පවසා ඇත. මිග්යානා ගනුදෙනුවට අදාළ ව යහපාලන රජය විසින් පිහිටුවනු ලැබූ FCID ආයතනය සහ මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අංශය මඟින් ඔහුගේ බැංකු ගිණුම් කිහිපයක් අත්හිටුවිමට පියවර ගෙන ඇත.

2015 අප්‍රේල් 29 සිට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තම නමට ඇති සියලු බැංකු ගිණුම් තාවකාලිකව අක්‍රීය කළ බව පවසන උදයංග වීරතුංග, එම කාලය තුළ කිසිදු අධිකරණයකින් තමා සැකකරුවෙකු ලෙස නම් කර නොතිබුණු බවත්, ගිණුම් අත්හිටුවිමට කිසිදු අධිකරණ නියෝගයක් නොතිබුණු බවත් කොමිසම හමුවේ වැඩිදුරටත් සඳහන් කළේය.