தமிழ்
English
Contact
Tuesday 20th August 2019    
සැකකරුවන් බිංගිරියට මාරු කරේ ගැටුම් තත්ත්වය පාලනය කරන්න - දයාසිරි ජයසේකර | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සැකකරුවන් බිංගිරියට මාරු කරේ ගැටුම් තත්ත්වය පාලනය කරන්න – දයාසිරි ජයසේකර



හෙට්ටිපොළ සහ කුරුණෑගල ප්‍රදේශවල ඇතිවූ ගැටුම්වලට සම්බන්ධ පුද්ගලයන් හය දෙනෙකුට ඇප ලබාදීමට තමන් මැදිහත්වූ බවට වූ චෝදනාව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ප්‍රතික්ෂේප කර තිබේ.

ඊයේ (14)ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ තමන් එම ස්ථානයට ගියේ අත්අඩංගුවට පුද්ගලයන් වෙනුවෙන් පෙනී සිටීමට නොව ඇතිවූ තත්ත්වය පාලනය කිරීමට බවයි.

ඔහු පවසන්නේ ” ගැටුම් ඇතිවෙලා තියෙන්නේ බිංගිරියේ. අත්අඩංගුවට ගත් පිරිස මුලින් බිංගිරිය පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන හෙට්ටිපොළ පොලීසියට මාරු කිරීම නිසයි කලබලකාරී තත්ත්වයක් ඇතිවුනේ. මම පොලීසියට යන වෙලාවේ 3000 ක පමණ පිරිසක් ඒ අවට හිටියා. මම පොලීසිය ඇතුළට ගිහින් පොලිස් ස්ථානාධිපතිවරයාට කරුණු පැහැදිලි කරලා අත්අඩංගුවට ගත් පිරිස් බිංගිරියයට මාරු කළා. මම එහෙම කරේ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කරන්නයි.”