தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
සැකකරුවන් සම්බන්ධ වැරදිවලට වන්දි ගෙවන්න සූදානම් වෙන්න! - පොලිස් නිලධාරින්ට අවවාදයක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සැකකරුවන් සම්බන්ධ වැරදිවලට වන්දි ගෙවන්න සූදානම් වෙන්න! – පොලිස් නිලධාරින්ට අවවාදයක්



පොලිස් අත්අඩංගුවට පත්වන සැකකරුවන් සම්බන්ධයෙන් නිතිඥ සහාය ලබාදීම සම්බන්ධ චක්‍රලේඛය අනුව කටයුතතු කරන ලෙස පොලිස් ස්ථානවලට අවවාදාත්මක නිවේදනයක් පොලිස් නීති කොට්ඨාශය විසින් අද(18) නිකුත්කර ඇත.

මේ වනවිට සැකකරුවන් ඝාතනය කිරීම් හා වෙනත් බිහිසුණු පියවර සම්බන්ධ පොලිසිය චෝදනා ලබා සිටින අතර නීතිඥ සහාය අහිමි කිරීම සම්බන්ධයෙන් නඩුතීන්දු පර්වාදර්ශ අනුව කටයුතු කළ යුතු බව පොලිස් නීති කොට්ඨාශය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක හා නීති කොට්ඨාශ භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් මේ සම්බන්ධ විශේෂ සිහි කැදවීමක් නිකුත්කර ඇත. මේ සම්බන්ධව පොලිසියට අවවාද ලබා දී සියලු පොලිස් නිලධාරින්ට මෙම කරුණු පැහැදිලි කරන ලෙස පොලිස් ස්ථානාධිපතිවරුන්ට දන්වා ඇත්තේ නීති කොට්ඨාශය වෙනුවෙන් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ අත්සනින් මැයි 18 දින නිකුත් කළ RTM 840 දරණ චක්‍රලේඛයෙනි. මෙහිදී අද දින නිකුත් කළ 1758/36 දරණ ගැසට් නිවේදනය ප්‍රකාර කටයුතු කරන ලෙසත් SCFR 241/2010 දරණ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව අධ්‍යයනය කරන ලෙසත් දන්වා ඇත. හොඳමුනි චන්දිමා නමැත්තිය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කරමින් මලවීර නමැති පොලිස් නිලධාරියා වරදකරු කරමින් ලබාදුන් ඒ නඩු තීන්දුව මෙහිදී අවධානයට ලත යුතු බව එහි අවධාරනය කර ඇත. එසේම මෙම නිවේදනයේ කරුණු නොසළකා කටයුතු කරණ පොලිස් නිලධාරින්ට පූර්වාදර්ශ ලෙස ගැනෙන නඩු තීන්දුව ප්‍රකාරව සිය පෞද්ගලික මුදලින් වන්දි ගෙවීමට සිදුවනු ඇති බවටද අනතුරු අඟවා ඇත.

පහත ඇත්තේ ඒ නිවේදනයේ සේයාරුවකි.