தமிழ்
English
Contact
Sunday 15th December 2019    
සෑම දිස්ත්‍රික්කයකම මුදල් අයකරන මහින්ද රාජපක්ෂ විද්‍යාල පිහිටුවීමට සැරසෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සෑම දිස්ත්‍රික්කයකම මුදල් අයකරන මහින්ද රාජපක්ෂ විද්‍යාල පිහිටුවීමට සැරසෙයි



දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම මහින්ද රාජපක්ෂ විද්‍යාල 25ක් පිහිටුවන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ ස්ථාපිත කෙරු මහින්ද රාජපක්ෂ විද්‍යාල අධ්‍යාපන මට්ටම ඉතා උසස් මට්ටමක පවතින බවත් වසර 100ක් පමණ පැරණ උසස් මට්ටමේ සිටින පාසල්වල සිසුන් අභිබවමින් එම සිසුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ මට්ටමක පවතින බවද අමාත්‍යවරයා පවසයි.

හෝමාගම ප්‍රදේශයේ පිහිටුවා ඇති මහින්ද රාජපක්ෂ විද්‍යාලය දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණෙන මධ්‍යම පාන්තික දරුවන්ගෙන් සමන්විත පාසලකි. මෙහි සිසුන් බඳවා ගැනීමේදීදී සෑම සිසුවෙකුගෙන්ම මුදල් අයකරනු ලැබේ. එහි සම්පත් වැඩි දියුණු කරනු ලබන්නේ සහ පාසල පවත්වාගෙන යන්නේ එම මුදලෙනි. අධ්‍යාපනය සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම අඩු කොට මුදල් එකතු කරමින් ස්වයංව නඩත්තු වෙන මෙවැනි පාසල් පවත්වාගෙන යාම ආණ්ඩුවේ නිදහස් අධ්‍යපනය කප්පාදු කිරීමේ අරමුණට වාසි සහගතය. එසේම මහින්ද රාජපක්ෂ නම් ප්‍රවර්ධනය කිරීමද තවත් අරමුණක් බව පැහැදිලිය. දැනට පවතින පාසල්වල සම්පත් හිඟයක් තිබියදී මහින්ද රාජපක්ෂ පාසල් ආරම්භ කරන බව පවසන්නේ එම අරමුණෙනි.