தமிழ்
English
Contact
Monday 26th October 2020    
සෑම වාර්තාවක්ම ලංකාවේ ආණ්ඩු කොතරම් දූෂිතද කියලා පෙන්නනවා - කරූ ජයසූරිය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සෑම වාර්තාවක්ම ලංකාවේ ආණ්ඩු කොතරම් දූෂිතද කියලා පෙන්නනවා – කරූ ජයසූරිය



ප්‍රකාශයට පත් කෙරෙන සෑම වාර්තාවකින්ම ශ්‍රී ලංකාවේ ආණ්ඩු කළ දෙපාර්ශවය කොතරම් දූෂිත ද යන්න අනාවරණය වන බවත් එම නිසා සමස්ත පද්ධතියම කඩිනමින් පිරිපහදු කළ යුතු බවත් කතානායක කරු ජයසූරිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

කතානායක කරු ජයසූරිය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම මෙම ට්විටර් පණිවුඩය නිකුත් කර ඇත.

කතානායක කරු ජයසූරිය නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්වෙන්නේ,

“එන සෑම වාර්තාවකින්ම එළි වන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩු කළ දෙපාර්ශයම කෙතරම් දූෂිත වී තිබේද යන්නයි. වෝහාරික විගණන වාර්තාව සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිලධාරියකුගේ ඩොලර් මිලියන 2ක් වන දූෂිත ක්‍රියා ලන්ඩනයේදී හෙළි වීම ආසන්න සිදුවීම්ය. සමස්ත පද්ධතියම කඩිනමින් පිරිපහදු කළ යුතුමය”.

කරූ ජයසූරිය පසුගිය ආණ්ඩුවේ කතානායක ධූරය දැරූ නමුත් එම ආණ්ඩුව නියෝජනය කළ ප්‍රභල දේශපාලනඥයෙකි. එම නිසා සියලු ආණ්ඩු දූෂිත බව කියා එහි වගකීමෙන් ඔහුට ගැලවිය හැකිද යන ප්‍රශ්නය මතුවේ.